ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 15:22 - Sinhala New Revised Version 2018

අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත. කඩු පහර තමාගේ ඉරණම බව ඔහුට සහතික ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත. කඩු පහර තමාගේ ඉරණම බව ඔහුට සහතික ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමා අන්ධකාරයෙන් මිදෙන්නේය කියා ඔහු විශ්වාස නොකරයි; ඔහු කඩුවට නියමව සිටින්නේය.

පරිච්ඡේදය බලන්න



යෝබ් 15:22
12 හුවමාරු යොමු  

ඔහු ඔවුන් සමඟ කතා කරද්දී ම පණිවුඩකාරයා ඔහු ළඟට ආවේ ය. රජ කතා කොට, “මේ නපුර සමිඳාණන් වහන්සේගෙන් ය; සමිඳාණන් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වන්නේ කුමට දැ”යි ඇසී ය.


ගිජු ලිහිණියන්ට ගොදුරු වීම ඔහුට නියම වී ඇත. තමාගේ විනාශය ළඟ බව ඔහුට සහතික ය.


ඔහු දුක’ඳුරෙන් එළියට එන්නේ නැත. ඔහු ගිනි දලුවෙන් වියළී ගිය අතු ඇති, මල් සුළඟට ගසාගෙන ගිය ගසක් මෙන් වනු ඇත.


කඩුපතට බිය වන්න; මන්ද, කඩුපත කෝපයේ ප්‍රතිඵලයකි. එවිට විනිශ්චයයක් ඇති බව ඔබ දැනගන්නහු ය.”


ඔවුන්ට දූ දරුවන් බොහෝ ඇතත්, ඔව්හු රණ බිම්හි මැරී වැටෙති. මුළු පරපුර සාගින්නෙන් පෙළෙති.


ඔහුගේ ජීවිතය මිනීවළෙන් ද ඔහුගේ පණ කෙන්ද කඩුපතින් ද රැක ගන්න පිණිස දෙවිඳාණෝ එසේ කරන සේක.


එහෙත්, අකීකරු වුවහොත්, කඩු පහරින් වැනසී, මළවුන්ගේ ලොවට එතෙර වී යති.


මාගේ දිවි ගෙන යාමට කුමන ශක්තියක් මට ඇද් ද? මරණය මට නියත නම්, ජීවත් වීමෙන් වැඩක් මට ඇද් ද?


මා එතුමන් ඇමතූ විට එතුමන්ගෙන් පිළිතුරක් ලැබුණේ ය. එතුමාණෝ මට සවන් දෙන සේකැ යි විශ්වාස කළ හැකි ද?


එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි වීසි කොට දමා, නික්ම ගොස් එල්ලී මළේ ය.