Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 19:29 - Sinhala New Revised Version 2018

29 කඩුපතට බිය වන්න; මන්ද, කඩුපත කෝපයේ ප්‍රතිඵලයකි. එවිට විනිශ්චයයක් ඇති බව ඔබ දැනගන්නහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 කඩුපතට බිය වන්න; මන්ද, කඩුපත කෝපයේ ප්‍රතිඵලයකි. එවිට විනිශ්චයයක් ඇති බව ඔබ දැනගන්නහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 කඩුවට භයවෙන්න; මක්නිසාද විනිශ්චයක් ඇති බව නුඹලා දැනගන්න පිණිස උදහස කඩුවේ දඬුවම පමුණුවන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 19:29
12 හුවමාරු යොමු  

අපේ සියලු රහස් හොඳ හෝ නරක හෝ වේ වා දෙවියන් වහන්සේගේ විනිශ්චයයට භාජනය වනු ඇත.


තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න.


සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක; විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක.


විනිසය එන දා දුදනන්ට නම් වරද පැවරේ; දමිටුන් සමඟ ඔවුන්ට ගැවසුම් නැත්තේ ය.


එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය.


අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත. කඩු පහර තමාගේ ඉරණම බව ඔහුට සහතික ය.


ඊට පිළිතුරු වශයෙන් නයමාතීය ශෝපර් මෙසේ කී ය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්