ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 14:16 - Sinhala New Revised Version 2018

එහෙත් දැන් ඔබ මාගේ පියවර ගණන් කරන සේක; මාගේ පව් ගණන් කර බලන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් දැන් ඔබ මාගේ පියවර ගණන් කරන සේක; මාගේ පව් ගණන් කර බලන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේ නුමුත් දැන් ඔබ මාගේ පියවර ගණන්කරනසේක; ඔබ මාගේ පාපය ගැන රැකසිටිනවා නොවේද?

පරිච්ඡේදය බලන්න



යෝබ් 14:16
10 හුවමාරු යොමු  

මා පව් කරන විට ඔබ සටහන් කර ගන්න සේක; මාගේ අපරාධයෙන් නිදොස් වීමට ඔබ මට ඉඩ නොදෙන සේක.


ඔබ මා දුදනෙකු නොවන බව දැන දැනත්, ඔබ අතින් මා මුදාගැනීමට අන් කිසිවකු නැති බව ඔබට පෙනි පෙනිත්, මාගේ අපරාධ ගැන සොයා බලන්නේ මන් ද? මාගේ පව් විමසන්නේ මන් ද?


මාගේ දෙපා දඬුකඳෙහි දමන සේක. ඔබ මා යන යන තැන විමසන සේක. මාගේ ගමනට සීමා තබන සේක.


එතුමාණෝ මා යන එන තැන් බලා මාගේ හැම පියවරක් ම ගණන් නොකරන සේක් ද?


මාගේ පාද දඬුකඳේ දමන සේක; මා කරන හැම දෙය ම මුර කරන සේක.’ මේ වදන් ඔබ කීවෙහි ය.


එතුමාණන්ගේ දෑස මිනිසුන්ගේ ක්‍රියා මාර්ගය දෙස ඇත. ඔවුන්ගේ හැම පියවරක් ම එතුමාණෝ දන්න සේක.


ඔව්හු කුමන්ත්‍රණය කරමින් සැඟවී සිට, මා යන එන විට බලා සිටින්නෝ ය; මා වැනසීමට නිරතුරු බලා සිටින්නෝ ය.


මිනිසාගේ සියලු ක්‍රියා මාර්ග සමිඳාණන් අබිමුවෙහි ඇත. ඔහුගේ සියලු මාවත් එතුමන්ගේ තියුණු බැල්මට ලක් වී ඇත.


ඔබේ අදහස් උදාර ය; ඔබේ ක්‍රියා බලසම්පන්න ය; මිනිසුන් කරන සියලු දේ ඔබට පෙනෙන්නේ ය; ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන සේක.