සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද? ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද?
යෝබ් 13:5 - Sinhala New Revised Version 2018 ඔබ නිහඬ ව ඉන්නහු නම්, ඔබ පැණවත්හු යයි සලකනු ලබන්නහු ය. Sinhala New Revised Version ඔබ නිහඬ ව ඉන්නහු නම්, ඔබ පැණවත්හු යයි සලකනු ලබන්නහු ය. Sinhala Revised Old Version නුඹලා නිශ්ශබ්දවම සිටියොත් හොඳය. එය නුඹලාට ප්‍රඥාව වන්නේය. |
සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද? ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද?
සුළං හමන්නාක් මෙන් වදින මේ වචන රැල්ලෙහි කෙළවරක් නැද් ද? මෙබඳු පිළිතුරු දීමට කුමක් ඔබ පොළඹවන්නේ ද?
කිය හැකි දෙයක් නැති ව ඔව්හු බලාගෙන සිටිති; ඔවුන් නිහඬ ව සිටිය දී මම කිසිත් නොකියා නිකම් හිඳිම් ද?
මෝඩයා පවා නිහඬ ව සිටින විට නැණවතෙකු මෙන් සැලකේ; කට පියාගෙන සිටින විට බුද්ධිමතෙකු මෙන් ගණන් ගැනේ.
කටයුතු බහුල වීමෙන් කරදර වූ සිතට සිහින පෙනේ. වචන රාශියක් කියන විට අඥානයාගේ අනුවණකම මතු වෙයි.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න.