Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 13:5 - Sinhala New Revised Version

5 ඔබ නිහඬ ව ඉන්නහු නම්, ඔබ පැණවත්හු යයි සලකනු ලබන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔබ නිහඬ ව ඉන්නහු නම්, ඔබ පැණවත්හු යයි සලකනු ලබන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 නුඹලා නිශ්ශබ්දවම සිටියොත් හොඳය. එය නුඹලාට ප්‍රඥාව වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 13:5
14 හුවමාරු යොමු  

මෝඩයා පවා නිහඬ ව සිටින විට නැණවතෙකු මෙන් සැලකේ; කට පියාගෙන සිටින විට බුද්ධිමතෙකු මෙන් ගණන් ගැනේ.


නිශ්ශබ්ද වන්න; මට කතා කරන්න ඉඩ දෙන්න: වන දෙයක් වුණා වේ.


මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න.


කටයුතු බහුල වීමෙන් කරදර වූ සිතට සිහින පෙනේ. වචන රාශියක් කියන විට අඥානයාගේ අනුවණකම මතු වෙයි.


කාලය නපුරු බැවින් නැණැතියෝ වුව ද නිහඬ ව සිටිති.


තමා නිවැරදි යයි ජෝබ් සිතූ බැවින්, මේ මිනිස්සු තුන්දෙන ඔහුට පිළිතුරු දීම නැවැත්වූ හ.


“ඔබ කොපමණ කල් මා වෙහෙස කොට වාග් ප්‍රහාරයෙන් මා සුණු විසුණු කරන්නහු ද?


“ඔබේ කතාවට ඉවරයක් නැද් ද? ටිකක් කල්පනා කරන්න; ඉන්පසු ව කතාවට බසිමු.


සුළං හමන්නාක් මෙන් වදින මේ වචන රැල්ලෙහි කෙළවරක් නැද් ද? මෙබඳු පිළිතුරු දීමට කුමක් ඔබ පොළඹවන්නේ ද?


සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද? ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද?


කරුණාකර, මාගේ තර්කවලට සවන් දෙන්න. මාගේ විවාදවලට කන් දෙන්න.


මට සවන් දෙන්න; එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය.


කිය හැකි දෙයක් නැති ව ඔව්හු බලාගෙන සිටිති; ඔවුන් නිහඬ ව සිටිය දී මම කිසිත් නොකියා නිකම් හිඳිම් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්