යෝබ් 12:19 - Sinhala New Revised Version 2018 එතුමාණෝ පූජකවරුන් බලයෙන් ඉවත් කරන සේක. බලවතුන් පහළට හෙළන සේක; Sinhala New Revised Version එතුමාණෝ පූජකවරුන් බලයෙන් ඉවත් කරන සේක. බලවතුන් පහළට හෙළන සේක; Sinhala Revised Old Version උන්වහන්සේ පූජකයන් වහල්කමට පමුණුවනසේක, බලවතුන් හෙළාදමනසේක. |
දෙවි තුමන් සිය බලයෙන් බලවතුන් ඉවතට ඇද දමනු ඇත; ඔවුන් නැඟිට සිටියත්, ස්ථිර ජීවිතයක් ගැන ඔවුන්ට විශ්වාසයක් නැත.
ඔව්හු මොහොතකින් නසිති; ඔවුන් හැම, මැදියම් රෑ එක් ඇසිල්ලකින් නැසී යනු හැක; බලවතෙකු වුව ද පහසුවෙන් පහ ව යනු ඇත.
ඔව්හු දිළිඳුන්ගේ මොරගැසීම එතුමාණන් වෙත නැඟී එන්නට සැලැස්වූ හ, දුගී ජනයාගේ අයැදුමට එතුමාණෝ සවන් දුන් සේක.
සමිඳුන්ගේ අභිෂේක ලත් රජ්ජුරුවෝ සයිරස් ය. ජාතීන් යටත් කිරීමටත්, රජවරුන්ගේ බලය බිඳලීමටත්, සමිඳාණෝ ඔහු සහායට ගත් සේක. නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිඳාණෝ විවෘත ව තබන සේක. එතුමාණෝ සයිරස්ට මෙසේ වදාරන සේක:
ඔවුන් ඒ රජුන් ජෝෂුවා වෙත ගෙනා කල, ජෝෂුවා සියලු ඉශ්රායෙල් මිනිසුන් කැඳවා, තමා සමඟ ගිය යුද්ධ භටයන්ගේ අධිපතීන්ට කතා කොට, “ළං වී ඔබේ පාද මේ රජුන්ගේ ගෙල මත තබන්නැ”යි කීවේ ය. ඔව්හු ළං ව තමන්ගේ පාද ඔවුන්ගේ ගෙල මත තැබුවෝ ය.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා සටන් කළ බැවින්, ජෝෂුවා ඒ සියලු රජවරුන් ද ඔවුන්ගේ දේශයන් ද එක විට ම අල්ලාගත්තේ ය.
මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”