දාවිත් තමාගේ හිස ඔසවා සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද ජෙරුසලම් කෙරෙහි දිගු කරගෙන පොළොවටත් අහසටත් අතරේ සිටිනු දුටුවේ ය. එවිට ගෝණි රෙදි ඇඳගෙන සිටි දාවිත් ද ප්‍රජා මූලිකයෝ ද මුණින්තළා වැටුණෝ ය.
යෙරෙමියා 6:12 - Sinhala New Revised Version 2018 ඔවුන්ගේ ගෙවල් ද වතුපිටි ද භාර්යාවන් ද අන්‍යයන්ට අයිති වනු ඇත. මේ දේශයේ සිටින සෙනඟට මම දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. Sinhala New Revised Version ඔවුන්ගේ ගෙවල් ද වතුපිටි ද භාර්යාවන් ද අන්‍යයන්ට අයිති වනු ඇත. මේ දේශයේ සිටින සෙනඟට මම දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. Sinhala Revised Old Version ඔවුන්ගේ ගෙවල්ද කෙත්ද භාර්යාවෝද එකට අන්‍යයන්ට අයිතිවන්නෝය. එසේය, දේශයේ වැසියන්ට විරුද්ධව මාගේ අත දිගුකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. |
දාවිත් තමාගේ හිස ඔසවා සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද ජෙරුසලම් කෙරෙහි දිගු කරගෙන පොළොවටත් අහසටත් අතරේ සිටිනු දුටුවේ ය. එවිට ගෝණි රෙදි ඇඳගෙන සිටි දාවිත් ද ප්‍රජා මූලිකයෝ ද මුණින්තළා වැටුණෝ ය.
නුඹලා යුද්ධයේ දී මැරුම් කන්නහු ය. නැත්නම්, සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. මේ සියල්ල ම සිදු වුවත් සමිඳුන්ගේ උදහස සංසිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.
සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.
නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.
එබැවින් සමිඳාණෝ තරුණයන් කිසිවෙකුට ගැළවී යන්න ඉඩ නොදෙන සේක; වැන්දඹුවන්ටත්, අනාථයන්ටත් අනුකම්පා නොකරන සේක. මන්ද, ඔව්හු සියල්ලෝ අභක්තිකයෝ ද නපුර කරන්නෝ ද වෙති. ඔවුන් කියන සියලු දේ බොරු ය. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.
මනස්සේ රටේ සෙනඟ ද එප්‍රායිම් රටේ සෙනඟ ද එකිනෙකාට විරුද්ධ ව සටන් කරති. දෙගොල්ලෝ ම එකතු වී ජුදාවට පහර දෙති. මේ සියල්ල සිදු වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තව ම දිගු කර ඇත.
නුඹලා මා ප්‍රතික්ෂේප කර මට පිටුපා ගොස් ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය. ලතැවීමෙන් මා වෙහෙසට පත් වී සිටින බැවින් මම මාගේ අත නුඹලාට විරුද්ධ ව ඔසවා නුඹලා විනාශ කෙළෙමි.
මම ද, මාගේ මහ බලය මෙහෙයවමින් කෝපයෙන් ද උදහසින් ද තද අමනාපයෙන් ද ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නෙමි.
බලන්න, ජුදාහි රජුගේ ගෙදර ඉතිරි ව සිටින සියලු ස්ත්‍රීහු බබිලෝනියේ රජුගේ අධිපතීන් වෙත ගෙනයනු ලබති. ඔව්හු කතා කරමින්, ‘ඔබේ හිතමිතුරෝ ඔබ රවටා ඔබෙන් ජය ගත්තෝ ය. ඔබේ පාද දැන් මඩෙහි එරී ඇති බැවින් ඔබේ මිතුරන් ඔබ කෙරෙන් වෙන් ව ගොස් ඇතැ’යි ද කියති.”
තවදුරටත් ජෙරමියා කතා කරමින්, “ඔබේ සියලු භාර්යාවෝ ද දරුවෝ ද බබිලෝනිවරුන් වෙත ගෙනයනු ලබන්නෝ ය. ඔබත් ඔවුන්ගේ අතින් බේරෙන්නේ නැත. බබිලෝනියේ රජු විසින් ඔබ හිර අඩස්සි කරනු ලබන්නෙහි ය. මේ නගරයත් ගින්නෙන් දවාලනු ලබන්නේ ය”යි කී ය.
ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මේ ස්ථානය පිට මාගේ කෝපය හා උදහස වගුරුවන්නෙමි. මිනිසුන් පිට මෙන් ම, මෘගයන්, කෙතේ ගස් සහ භූමියේ පල කෙරෙහි ද මම එය වගුරුවමි. මාගේ කෝපය නොනිවෙන ගින්නක් වැනි ය.
එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ට ද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්න අයට ද දෙන්නෙමි. මන්ද, ලොකු කුඩා අය සැවොම අයුතු ලාභ ගැනීමට කෑදර වෙති; දිවැසිවරුන් පටන් පූජකයන් දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.
සමිඳාණෝ සියොන් පුරඟනගේ පවුර නාස්ති කරන්න අදහස් කළ සේක. ලණුවක් ඇද එය මැන්න සේක. එය සහමුලින් ම කඩාදමන තුරු සිය’ත ඉවත් නොකළ සේක. එතුමාණෝ එහි කොටු තාප්පය සහ පවුර පිට වැලපීම ඇති කළ සේක. ඒවා එකට ගරා වැටී ඇත.
මෙසේ කියන්න. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා සේයිර් කන්ද, බලන්න, මම නුඹට විරුද්ධ ව, මාගේ අත නුඹට දිගු කොට, නුඹ පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි.
එබැවින් මම ඉතා ම කෲරතර ජාතීන් ගෙන්වන්නෙමි. ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුම කරගන්නෝ ය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථාන ද කෙලෙසනු ලබන්නේ ය.
ඒ කාලයේ දී නුඹලා පිළිබඳ කථාන්තරය විනාශයේ උදාහරණයක් වශයෙන් ගෙන ළතෝනි ද ගයන්නෝ ය. ‘අපි නැත්තට ම නැති වී සිටිමු’යි කියමින් ඔව්හු මෙසේ ද කියති: ‘දේශය අප අතින් පැහැරගෙන තිබෙන හැටි! ඒ දේශය අප වහල්කමට ගත් අයට උන් වහන්සේ දී ඇත.’ ”
ඔවුන්ගේ වස්තුව කොල්ලකනු ලැබේ; ඔවුන්ගේ ගෙවල් පාළුකරනු ලැබේ; ඔවුන් ගෙවල් ගොඩනඟන නමුත්, ඒවායේ වාසය කරන්නේ වත් මිදි වතු වවන නමුත්, ඒවායින් මිදියුස බොන්නේ වත් නැත.”
“මම ජුදාට ද ජෙරුසලමේ සියලු සෙනඟට ද විරුද්ධ ව මාගේ හස්තය ඔසවා විජාතීන්ගේ පූජකයන්ගේ නාම මේ ස්ථානයෙන් මකාදමන්නෙමි.