Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 9:21 - Sinhala New Revised Version 2018

21 මනස්සේ රටේ සෙනඟ ද එප්‍රායිම් රටේ සෙනඟ ද එකිනෙකාට විරුද්ධ ව සටන් කරති. දෙගොල්ලෝ ම එකතු වී ජුදාවට පහර දෙති. මේ සියල්ල සිදු වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තව ම දිගු කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මනස්සේ රටේ සෙනඟ ද එප්‍රායිම් රටේ සෙනඟ ද එකිනෙකාට විරුද්ධ ව සටන් කරති. දෙගොල්ලෝ ම එකතු වී ජුදාවට පහර දෙති. මේ සියල්ල සිදු වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තව ම දිගු කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මනස්සේ විසින් එප්‍රායිම්ද එප්‍රායිම් විසින් මනස්සේද කාදමනවා ඇත. ඔවුන් දෙගොල්ලම එකතුව යූදාට විරුද්ධවන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 9:21
15 හුවමාරු යොමු  

උශ්ශියාගේ පුත් ජෝතාම්ගේ විසි වන අවුරුද්දේ දී ඒලාගේ පුත් හෝෂෙයා රෙමලියාගේ පුත් පෙකාට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට, ඔහුට පහර දී මරා ඔහු වෙනුවට රජ විය.


නුඹලා යුද්ධයේ දී මැරුම් කන්නහු ය. නැත්නම්, සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. මේ සියල්ල ම සිදු වුවත් සමිඳුන්ගේ උදහස සංසිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.


ඉශ්රායෙල් ජුදාට ඊර්ෂ්‍යා කරන්නේ වත්, ජුදා ඉශ්රායෙල්ට සතුරුකම් කරන්නේ වත් නැත. ඉශ්රායෙල්හි ඊර්ෂ්‍යාව පහ ව යන්නේ ය. ජුදාට පීඩා කරන්නෝ විනාශ කරනු ලබන්නෝ ය.


සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.


සෙනඟ අමාරුවට වැටී සාගින්න නිසා රටෙහි ඔබමොබ ඉබාගාතේ යනු ඇත. ඔව්හු සාගින්නෙන් හා කෝපයෙන් තමන්ගේ රජුට හා තමන්ගේ දෙවියන්ට දෙස් කියති. ඔව්හු අහස දෙස බැලුවත්,


නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.


එබැවින් සමිඳාණෝ තරුණයන් කිසිවෙකුට ගැළවී යන්න ඉඩ නොදෙන සේක; වැන්දඹුවන්ටත්, අනාථයන්ටත් අනුකම්පා නොකරන සේක. මන්ද, ඔව්හු සියල්ලෝ අභක්තිකයෝ ද නපුර කරන්නෝ ද වෙති. ඔවුන් කියන සියලු දේ බොරු ය. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.


ඉන්පසු මම ඔවුන්ගේ පියවරුන් ද පුත්‍රයන් ද සියලු සෙනඟ ද එකිනෙකා ඝට්ටනය කොට විනාශ කරන්නෙමි. ඔවුන් විනාශ නොවන හැටියට මා ඔවුන්ට දයා වන්නේ වත්, කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත.”


එබැවින් ගෝණි රෙදි ඇඳගෙන, විලාප කියමින්, කෑමොරගසන්න. මන්ද, සමිඳාණන් වහන්සේගේ බලවත් උදහස ජුදාවෙන් පහ ව නොගියේ ය.”


ඉන්පසු ජුදා හා ඉශ්රායෙල් අතරේ පැවති සමගිය බිඳෙන බව පෙන්වන පිණිස, ‘සමගිය’ යන නම ඇති සැරයටිය කැඩීමි.”


එකල බොහෝ දෙනෙකුගේ ඇදහිල්ල බිඳ වැටෙනු ඇත. ඔව්හු ඔවුනොවුන් පාවා දෙන්නාහ; ඔවුනොවුන් කෙරෙහි වෛර බැඳගන්නාහ.


එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.


එවිට සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “මිදියන්වරුන් නුඹ අතට පාවා දීමට නුඹ සමඟ සිටින සෙනඟගේ ගණන වැඩි ය, මා එසේ කළොත්, ‘අපේ ශක්තියෙන් ම අපි ගැළවුණෙමු’යි ඉශ්රායෙල් සෙනඟ මට ගෞරවය නොදී අහංකාර වනු ඇත.


එවිට සාවුල් ද ඔහු සමඟ සිටි මුළු සෙනඟ ද යුද්ධය සඳහා පැමිණියෝ ය. පිලිස්තිවරුන් අතරේ මහත් වියවුලක් තිබුණ බව ඔව්හු දුටුවෝ ය. එක එක මිනිසා තම තමාගේ කඩුවෙන් තම තමා ළඟ සිටි තැනැත්තාට පහර දුන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්