ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 50:31 - Sinhala New Revised Version 2018

“බබිලෝනිය, එම්බා අහංකාර ජාතිය! ඒ නිසා සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වන මම නුඹට විරුද්ධ ව සිටිමි. නුඹට දඬුවම් කිරීමේ කාලය දැන් පැමිණ තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“බබිලෝනිය, එම්බා අහංකාර ජාතිය! ඒ නිසා සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වන මම නුඹට විරුද්ධ ව සිටිමි. නුඹට දඬුවම් කිරීමේ කාලය දැන් පැමිණ තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බලව, උඩඟුවූ තැනැත්ත, මම නුඹට විරුද්ධයයි ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද නුඹේ දවස වන මා නුඹට දඬුවම්කරන කාලය පැමිණ තිබේ.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 50:31
20 හුවමාරු යොමු  

ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක;


තැනිතලාවට ඉහළින් නැඟෙන පර්වතයේ වාසය කරන්නන්ට විරුද්ධ ව මම සටන් කරමි. ‘නුඹලාට විරුද්ධ ව කිසිවෙකු බැස එන්නේ වත්, නුඹලාගේ වාසස්ථානවලට ඇතුළු වන්නේ වත් නැතැ’යි නුඹලා කියන්නහු ය.


මෝවබ් ඉතා අහංකාරී ය. එහි වැසියන්ගේ උඩඟුකමත්, ආඩම්බරයත්, උදාරකමත්, අහංකාරයත් ගැන මා අසා ඇත.


පර්වත ගුහාවල හා හෙල් මුදුන්වල වාසය කරන නුඹලා අනුන් බියගන්වන සුලු නුඹලාගේ සිත්හි උඩඟුකමෙන් රැවටී සිටින්නහු ය. නුඹලාගේ වාසස්ථානය රාජාලියෙකුගේ කූඩුව මෙන් ඉතා ඉහළින් පිහිටා ඇතත්, සමිඳාණන් වහන්සේ නුඹලා පහළට හෙළන සේක. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.”


“බබිලෝනියට විරුද්ධ ව දුනු තැත් කවන දුනුවායන් සියල්ලන් කැඳවන්න; ඈට විරුද්ධ ව වටකරින් කඳවුරු බැඳ, කිසිවෙකුට ගැළවී යන්නට ඉඩ නෑර, ඇගේ ක්‍රියාවන්ට සරිලන සේ ඈට ප්‍රතිවිපාක දී ඈ අනුන්ට කළ ලෙස ම ඈටත් කරන්න. මන්ද ඈ ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවි ස්වාමීන් වහන්සේ වන මට විරුද්ධ ව නැඟී සිටියා ය.


උඩඟු ජාතියක් වන නුඹ පැකිළ වැටෙන්නෙහි ය. නුඹ නඟා සිටුවන්න කිසිවෙක් නොවන්නේ ය. මම නුඹේ නගරවල ගින්නක් දල්වන්නෙමි; එයින් නුඹ අවට තිබෙන සියලු දේ දැවී යනු ඇත.”


එම්බා බබිලෝනිය! නුඹ මුළු පොළොව විනාශ කරන කන්දක් හා සමාන ය. එහෙත්, ස්වාමීන් වන මම නුඹේ සතුරා වෙමි. මාගේ බාහුව නුඹට විරුද්ධ ව ඔසවා පර්වතවලින් නුඹ පෙරළා දමා පිළිස්සී ගිය කන්දක් මෙන් කරන්නෙමි.


නුඹ කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නයිල් ගඟ මැද ලගින, නයිල් ගඟ මාගේ ම ය කියාත්, මම ම ඒක සාදාගත්තෙමි කියාත් කියන මහ කිඹුලා වන මිසරයේ පාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි.


එම්බා රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග්, මම නුඹට විරුද්ධ වෙමි.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක: “තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග් රජුට විරුද්ධ ව දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. ‘බලන්න, රොෂ්හි ද මෙෂෙක්හි ද තුබල්හි ද අධිපතියා වන ගොග් රජු වන නුඹට මම විරුද්ධ ව සිටිමි.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න ජෙරුසලම, මම, මම පවා, නුඹට විරුද්ධ වෙමි. විජාතීන්ගේ ඇස් හමුයෙහි නුඹ පිට දඬුවම් පමුණුවන්නෙමි.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම නුඹට විරුද්ධ ය; නුඹේ රථවාහන පුළුස්සා දමමි; නුඹේ තරුණ සිංහයෝ කඩුවෙන් විනාශ වෙති. නුඹ අනුන්ගෙන් පැහැරගත් සියල්ල මම නුඹෙන් පැහැරගනිමි. ලෝකයේ නුඹේ දූතයාගේ හඬ නිහඬ වන්නේ ය.”


සියලු බලැති දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: “නිනිවය, මම නුඹට දඬුවම් කරමි. මම නුඹ නිර්වස්ත්‍ර කර, නුඹේ නග්න භාවය ජාතීන්ට ද විලිලජ්ජාව රාජ්‍යයන්ට ද දක්වන්නෙමි.


එහෙත් උන් වහන්සේගෙන් එන වරප්‍රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි.


තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.


එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය. ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය. මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.”