පෙරටුවෙන් ද පිටු පසින් ද සටන තමාට විරුද්ධ ව යොමු ව තිබෙන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන් අතරෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා,
යෙරෙමියා 50:14 - Sinhala New Revised Version 2018 දුනුවායෙනි, බබිලෝනියට විරුද්ධ ව එය වටකර යුද්ධයට සැරසී අන්තිම ඊගස දක්වා එයට විදින්න. මන්ද, එය සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කර ඇත. Sinhala New Revised Version දුනුවායෙනි, බබිලෝනියට විරුද්ධ ව එය වටකර යුද්ධයට සැරසී අන්තිම ඊගස දක්වා එයට විදින්න. මන්ද, එය සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කර ඇත. Sinhala Revised Old Version දුනු තැත්කවන සියල්ලෙනි, බබිලෝනියට විරුද්ධව වටකරින් සැරසී සිට, එක ඊගසක්වත් ඉතිරිකර නොගෙන ඈට විදින්න. මක්නිසාද ඈ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළාය. |
පෙරටුවෙන් ද පිටු පසින් ද සටන තමාට විරුද්ධ ව යොමු ව තිබෙන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන් අතරෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා,
ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.
“සවන් දෙන්න; කඳු මුදුනෙහි මහා ඝෝෂාවක් ඇසේ. එය වනාහි ජාතීන්ගෙනුත්, රට රාජ්‍යවලිනුත් එක් රැස් වන මහා ජනකායකගේ ඝෝෂාව ය. මම යුද්ධ සඳහා මාගේ හමුදා සූදානම් කරන්නෙමි.
ඔවුන්ගේ ඊතල තියුණු කර තිබේ; දුනු සියල්ල තැත් කවා තිබේ. ඔවුන්ගේ අශ්වයන්ගේ කුර ගිනිගල් මෙන් ශක්තිමත් ය; රථවල රෝද සුළි සුළඟ මෙන් වේගවත් ව කැරකෙයි.
අශ්වයෙනි, නැඟිටින්න; රථයෙනි, වේගයෙන් දුවන්න; හේවායෙනි, ඉදිරියට යන්න. පලිහ හුරු පුරුදු එතියෝපියවරුනි, පුට්වරුනි, දුනු තැත් කවන ලුද්වරුනි, ඉදිරියට එන්න.”
ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඒදොම්ට විරුද්ධ ව පහර දෙන පිණිස සේනාවක් සූදානම් කරගන්නැ යි කියන පිණිස විජාතීන් අතරට තානාපතියෙක් යවන ලද්දේ ය යන ආරංචිය සමිඳාණන් වහන්සේගෙන් මම ලදිමි.
“බබිලෝනියේ වැසියෙනි, නුඹලා මාගේ දේශය කොල්ලකෑවහු ය. ගොයම් මඩින එළ නෑම්බියක මෙන් නුඹලා පැන පැන සිටිමින්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරමින් ප්‍රීති වන්නහු ය.
“බබිලෝනියට විරුද්ධ ව දුනු තැත් කවන දුනුවායන් සියල්ලන් කැඳවන්න; ඈට විරුද්ධ ව වටකරින් කඳවුරු බැඳ, කිසිවෙකුට ගැළවී යන්නට ඉඩ නෑර, ඇගේ ක්‍රියාවන්ට සරිලන සේ ඈට ප්‍රතිවිපාක දී ඈ අනුන්ට කළ ලෙස ම ඈටත් කරන්න. මන්ද ඈ ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවි ස්වාමීන් වහන්සේ වන මට විරුද්ධ ව නැඟී සිටියා ය.
ඔව්හු දුනු ද හෙල්ල ද දරන්නෝ ය. ඔව්හු කෲර ය, නපුරු ය; ඔවුන්ගේ හඬ මුහුදු ඝෝෂාව හා සමාන ය. ඔව්හු අසුන් පිට නැඟී එති. එම්බා බබිලෝනිය! ඔව්හු එකෙකු මෙන් නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට පෙළගැසී සිටිති.
ඔවුන්ට මුණගැසුණු සියල්ලෝ ම ඔවුන් ගොදුරු කොට ගත්තෝ ය. ඔවුන්ගේ එදිරිකාරයෝ කතා කොට, ‘ඔව්හු තමන්ගේ සරණය වන සමිඳාණන් වහන්සේට, එනම්, තමන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුව වූ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. අපි වැරදිකාරයෝ නොවමු’යි කීවෝ ය.
මන්ද, මම උතුරු දේශයෙන් බලවත් ජාතීන් රැසක් බබිලෝනියට විරුද්ධ ව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් බබිලෝනියට විරුද්ධ ව සැරසී සිට එය අල්ලාගනු ඇත. ඔවුන් විදින ඊගස කවදාවත් හිස් අතින් ආපසු නොඑන දක්ෂ වීරයන් මෙන් ඒවායේ ඉලක්කය නොවරදවන්නේ ය.
මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි. විපත් දවසේ දී ඔව්හු හැම පෙදෙස් ආක්‍රමණය කර, එහි වැසියන් පොළාදමා දේශය හිස් කරති.
“දේශයෙහි ධජ සංකේතයක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ බබිලෝනියට පහර දෙන පිණිස ජාතීන් සූදානම් කරන්න. ආරාරත්, මින්නි, අස්කෙනස් යන රාජ්‍යයන් කැඳවන්න. ප්‍රහාර මෙහෙයවන්නට සේනාධිපතියෙකු පත් කරන්න. කෙඳි පළඟැටියන් රැසක් මෙන් අශ්ව සේනාවක් නැඟී එන්නට සලස්වන්න.
තමන්ගේ ඊතල විදින්නට වත්, යුද ඇඳුමෙන් සැරසී සිටින්නට වත් බබිලෝනියේ හේවායන්ට ඉඩ නොදෙන්න. ඇගේ තරුණයන්ට අනුකම්පා නොකොට ඇගේ මුළු සේනාව වනසාලන්න.
නුඹලා කර ඇති මිනීමැරීම් නිසාත්, දේශයටත් නගරයටත් එහි වැසියන්ටත් කර ඇති බලහත්කාරකම් නිසාත්, නුඹලා ලෙබනොන්හි කළ අපරාධ නිසාත් නුඹලා විනාශ කරනු ඇත.
නුඹලා බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ නිසා ද නුඹලා කර ඇති ඝාතන නිසා ද දේශයටත්, නගරයටත්, එහි වැසියන්ටත් නුඹලා කර ඇති බලහත්කාරකම් නිසා ද ඉතිරි ව සිටින අය නුඹලා කොල්ලකන්නෝ ය.
ඇගේ නළල පිට: “මහා බබිලෝනිය, පොළොවේ වේශ්‍යාවන්ගේ ද පිළිකුල්කම් වල ද මව” යන ගුප්ත නාමයක් ලියා තිබිණි.
දාවිත් අලුයම නැඟිට, බැටළු පාලකයෙකුට බැටළුවන් භාර දී, ජෙස්සේ තමාට අණ කළ ලෙස ආහාර රැගෙන ගොස් කඳවුර තිබුණ ස්ථානයට පැමිණියේ ය. ඒ අවස්ථාවේ දී සේනාව රණ බිමට යමින් ඔල්වර හඬ නඟමින් සිටියහ.