Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හබක්කුක් 2:17 - Sinhala New Revised Version 2018

17 නුඹලා කර ඇති මිනීමැරීම් නිසාත්, දේශයටත් නගරයටත් එහි වැසියන්ටත් කර ඇති බලහත්කාරකම් නිසාත්, නුඹලා ලෙබනොන්හි කළ අපරාධ නිසාත් නුඹලා විනාශ කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 නුඹලා කර ඇති මිනීමැරීම් නිසාත්, දේශයටත් නගරයටත් එහි වැසියන්ටත් කර ඇති බලහත්කාරකම් නිසාත්, නුඹලා ලෙබනොන්හි කළ අපරාධ නිසාත් නුඹලා විනාශ කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 මක්නිසාද මනුෂ්‍යයන්ගේ ලේ නිසාත් දේශයටද නගරයටද එහි සියලු වාසීන්ටද කළ බලාත්කාරය නිසාත් ලෙබනොන්ට කළ බලාත්කාරය සහ මෘගයන් භයගැන්වූ උන්ගේ විනාශය නුඹ වසාගන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හබක්කුක් 2:17
15 හුවමාරු යොමු  

නුඹලා බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ නිසා ද නුඹලා කර ඇති ඝාතන නිසා ද දේශයටත්, නගරයටත්, එහි වැසියන්ටත් නුඹලා කර ඇති බලහත්කාරකම් නිසා ද ඉතිරි ව සිටින අය නුඹලා කොල්ලකන්නෝ ය.


“එම්බා ලෙබනොන්, ඔබේ කිහිරි ගස් ගින්නෙන් දැවී යන පිණිස ඔබේ දොරවල් අරින්න.


දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනිය සහ එහි සෙනඟ සියොන්ට විරුද්ධ ව කළ සියලු අපරාධ නිසා ඔවුන්ට මා ප්‍රතිවිපාක දෙන බව නුඹලාට පෙනෙනු ඇත.


බබිලෝනියෙන් ගැළවී පලා ගිය සෙනඟ සියොන්ට පැමිණ, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දේව මාලිගාවට කළ විනාශය නිසා බබිලෝනිවරුන්ගෙන් පළිගත් අයුරු ප්‍රකාශ කළෝ ය.


මිනීමැරීමේ වරදින් පෙළෙන්නා යුහුයුහු ව වළ පල්ලට යයි; කිසිවෙකු එය නොවළක්වත්වා.


අහෝ බබිලෝනිය! විනාශකාරී බබිලෝනිය! තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.


දුනුවායෙනි, බබිලෝනියට විරුද්ධ ව එය වටකර යුද්ධයට සැරසී අන්තිම ඊගස දක්වා එයට විදින්න. මන්ද, එය සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කර ඇත.


නුඹේ වෙළෙඳාම වැඩි වීම හේතුකොටගෙන අදමිටුකමින් නුඹේ සිත පිරී නුඹ පව් කෙළෙහි ය. එබැවින් නුඹ කෙලෙසූ දෙයක් මෙන් දෙවියන් වහන්සේගේ කන්දෙන් මම නුඹ නෙරපාදැමුවෙමි; නුඹ ආරක්ෂක කෙරුබ්වරයා ද ගිනි අඟුරු අතරෙන් පන්නාදැමුවෙහි ය.


මිනී වළට බසින්නන් සමඟ මා ඒ ගස පාතාලයට හෙළාදැමූ කල එහි වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුළවන්නෙමි. එවිට ඒදන්හි සියලු ගස් ද ලෙබනොන්හි ඉතා වටිනා ගස් ද එනම්, වතුර බොන සියල්ලන් ම, පාතාලයේ දී සැනසෙනු ඇත.


ජුදා වැසියන්ට බලහත්කාරකම් කොට, ඒ රටේ මිනිසුන් මරාදැමූ නිසා මිසර දේශය පාළුකරයක් වන්නේ ය. ඒදොම් රට මරුකතරක් වන්නේ ය.


මේ අයුරින් දැල් හිස් කරමින් නිර්දය ලෙස ජාතීන් විනාශ කිරීමට ඔබ ඉඩ හරින සේක් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්