මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති.
යෙරෙමියා 50:11 - Sinhala New Revised Version 2018 “බබිලෝනියේ වැසියෙනි, නුඹලා මාගේ දේශය කොල්ලකෑවහු ය. ගොයම් මඩින එළ නෑම්බියක මෙන් නුඹලා පැන පැන සිටිමින්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරමින් ප්‍රීති වන්නහු ය. Sinhala New Revised Version “බබිලෝනියේ වැසියෙනි, නුඹලා මාගේ දේශය කොල්ලකෑවහු ය. ගොයම් මඩින එළ නෑම්බියක මෙන් නුඹලා පැන පැන සිටිමින්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරමින් ප්‍රීති වන්නහු ය. Sinhala Revised Old Version මාගේ උරුමය කොල්ලකන තැනැත්තෙනි, නුඹලා ප්‍රීති සන්තෝෂවෙන නිසාත්, ගොයම් මඩින එළනෑම්බියෙකු මෙන් පැනනගින නිසාත්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරන නිසාත්, |
මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති.
දිළිඳාට උසුළු-විසුළු කිරීම මැවුම්කාර දෙවිඳුට අවමන් කිරීමකි. අනුන්ගේ දුක් විපත් ගැන ප්‍රීති වෙන්නාට දඬුවම සිකුරු ය.
මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.
‘සැප ජීවිකාවට ඇලුම් ව සුරක්ෂිත ව සිටිමි. මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැත; කිසි කලක දරුවන් නැති වී වියෝ දුකට පත් වූ කෙනෙක් හෝ වැන්දඹුවක් හෝ නොවන්නෙමි’යි තමන් තුළ සිතූ බබිලෝනිය, මෙයට සවන් දෙන්න.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට මා හිමි කර දුන් දේශය නැතිනාස්ති කළ සියලු ම නපුරු අසල්වැසියන්ට විරුද්ධ ව මට කරුණක් කියන්න ඇත. මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි. ඔවුන්ගේ අතින් ජුදා දේශය බේරාගන්නෙමි.
මිසරයේ සිටින කුලී හේවායෝ තර කරන ලද වස්සන් වැනි ය. ඔවුන්ගේ විපත්ති දවස, ඔවුන්ගේ විනිශ්චයයේ දවස, එනම්, ඔවුන්ට දඬුවම් කිරීමේ දවස ඔවුන් වෙත ළඟා වූ නිසා ඔවුන්ට කෙළින් සිටීමට නොහැකි ව, ඔව්හු පසු බැස හැරී එක් ව පලා ගියෝ ය.
තරබාරු සතුන් මෙන් වී වසති. ඔවුන්ගේ දුෂ්ටකම්වලට ඉමක්කොනක් නැත. ඔව්හු අනාථයන්ගේ අයිතිවාසිකම් සාධාරණ ලෙස නොවිසඳා ඔවුන්ගේ සැහැසිකම් නොසලකා හරිති. දිළිඳුන්ට යුක්තිය ඉටු කර නොදෙති.
ඔව්හු හොඳට පෝෂ්‍ය වී සිටින අශ්වයන් මෙන් එකිනෙකා තම තමාගේ අසල්වැසියාගේ භාර්යාවට හේෂාරව කළහ.
“ඉශ්රායෙල් වනාහි සිංහයන් විසින් ලුහුබඳිනු ලැබ පන්නාදමනු ලැබූ බැටළුවන් වැනි ය. පළමුකොට අසිරියාවේ රජ ඉශ්රායෙල් ගොදුරට ගත්තේ ය. අවසානයේ දී බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ඉශ්රායෙල්ගේ ඇටකටු පොඩිකරදැම්මේ ය.
ඇගේ සියලු හේවායන් මරාදමන්න; ඔවුන් ඝාතනය කරන්න; ඔවුන්ට වන විපතක මහත! ඔවුන්ට දඬුවම් දීමේ දවස දැන් ළඟා වී තිබේ.”
මා සුසුම්ලන රඟ ඇසුව මැනව. මා සනසන්න කිසිවෙක් නැත. මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝ ය. ඔබ එය කළ නිසා ඔව්හු සතුටු වෙති. ඔබ ප්‍රකාශ කළ දවස පැමිණෙව්ව මැනව. එවිට ඔව්හු ද මා හා සමාන වන්නෝ ය.
මාගේ ම උරුමය වන ඉශ්රායෙල් දේශය පාළුවක් වූ විට නුඹ ඊට ප්‍රීති වුණාක් මෙන් මම නුඹට ද එසේ වීමට සලසන්නෙමි; එම්බා සේයිර් කන්ද! නුඹ සහ මුළු ඒදොම් මුළුමනින් ම පාළුවක් වන්නහු ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”
“එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ දේශය කොල්ලයක් කොට උදුරාගන්න පිණිස සිතේ මහා සතුටකින් ද ඉමහත් අහංකාරයකින් ද මාගේ දේශය තමන්ට උරුමයක් කොට නියම කරගත් ඉතිරි ව සිටින ජාතීන්ටත්, විශේෂයෙන් මුළු ඒදොම් රටටත් විරුද්ධ ව සැබෑවට ම මාගේ කෝපාග්නියෙන් මම දිවුරා කියමි.
“එප්‍රායිම් වනාහි, ගොයම් පෑගීමට කැමැති මනා සේ පුහුණු කරන ලද එළ නෑම්බියකි. ඇගේ ශෝභන කර පිට වියගහක් දමා ඇත. එහෙත්, හාන්නට එප්‍රායිම් යොදා ගැන්මට මම තීරණය කරගතිමි. ඇගේ නගුල ජුදා විසින් ද ඇගේ දැති පෝරුව ජාකොබ් විසින් ද අදිනු ලබන්නට මම සැලැස්සුවෙමි.
සමාරිය කඳුකරේ සිටින තරබාරු එළදෙනුනි; දිළිඳුන් තළා පෙළා, අසරණයින්ට පීඩා කරන, ‘බොන්නට දෙයක් දෙන්න’ කියා සැමියන්ට අණ කරන ඔබ හැම මෙයට සවන් දෙන්න.
නුඹේ සහෝදරයාට පැමිණි විපත්ති ගැන නුඹ ප්‍රීති වීම නොහොබනේ ය. ජුදා වැසියන් විපතට පත් වූ දවසේ දී නුඹ සතුටු වීම හරි නැත. ඔවුන් දුක් විඳින අතර නුඹ ඔවුන්ට උඩඟුකමෙන් සරදම් කිරීම වැරදි ය.
බබිලෝනිවරු බිලිකටුවලින් මිනිසුන් අල්ලා ගනිති; දැල් දමා ඇදගෙන, අතංගුවෙන් ඔවුන් එකතුකර ඒ ගැන ප්‍රීති වෙමින් උදන් අනති.
ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන සකල ජාතීන් කෙරෙහි වසංගතයක් සමිඳාණන් වහන්සේ පමුණුවන සේක. ඔවුන් සිටගෙන සිටිය දී ඔවුන්ගේ මාංස කුණු වී යන්නේ ය. ඔවුන්ගේ ඇස් ද දිව් ද ජරාපත් වන්නේ ය.
ජාකොබ්ගේ පෙළපත කා බී සෑහීමට පත් වූ හ. ඉශ්රායෙල් සෙනඟ තර වී කැරලි ගැසූ හ. තර වී, තරබාරු වී, ස්ථුල වූ හ. තමන් මැවූ දෙවිඳුන් අතහැර, විමුක්ති පර්වතයාණන් වන එතුමන් සුළු කොට සැලකූ හ.