සුව පහසු ලබමින් සිටින අයගේ උපහාසයටත්, අහංකාරීන්ගේ නින්දාවටත් අපි බොහෝ කල් ලක් වී සිටියෙමු.
යෙරෙමියා 49:31 - Sinhala New Revised Version 2018 දොරටු හෝ අගුල් හෝ නොමැති ව, සුරැකි ව සුව සේ වසන සෙනඟට පහර දීමට ඉදිරියට යන්න. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. Sinhala New Revised Version දොරටු හෝ අගුල් හෝ නොමැති ව, සුරැකි ව සුව සේ වසන සෙනඟට පහර දීමට ඉදිරියට යන්න. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. Sinhala Revised Old Version නුඹලා නැගිට, නොසැලකිලිව අප්‍රවේසම්ලෙස වාසයකරන්නාවූ, දොරවල්ද අගුල්ද නැතිව තනිව වාසය කරන්නාවූ ජාතියට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
සුව පහසු ලබමින් සිටින අයගේ උපහාසයටත්, අහංකාරීන්ගේ නින්දාවටත් අපි බොහෝ කල් ලක් වී සිටියෙමු.
කරදරවලින් නිදහස් ව සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, දැන් භීතියෙන් වෙවුළන්න; ඔබේ වස්ත්‍ර ගලවාදමන්න; ඉඟ වටා ගෝණි රෙදි ඇඳගන්න.
සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, මා කියන දේට සවන් දෙන්න, වගකීමක් නැති තරුණියනි, මා කියන දේ අසන්න.
කාන්තාරය හා එහි නගර ද කේදාර්හි සිටින සෙනඟ ද සේලා නගර වැසි සියල්ලෝ ද කඳු මුදුන්වල සිට ප්‍රීති ඝෝෂා නඟත් වා!
‘සැප ජීවිකාවට ඇලුම් ව සුරක්ෂිත ව සිටිමි. මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැත; කිසි කලක දරුවන් නැති වී වියෝ දුකට පත් වූ කෙනෙක් හෝ වැන්දඹුවක් හෝ නොවන්නෙමි’යි තමන් තුළ සිතූ බබිලෝනිය, මෙයට සවන් දෙන්න.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මෝවබ් ජාතිය මුල් කාලයේ සිට සුරක්ෂිත ව පැවතිණි. කිසි කලක ඒ ජාතිය වහල්කමට ගෙනයනු නොලැබී ය. මෝවබ් වනාහි, භාජනයෙන් භාජනයට වත් නොකරනු ලැබූ, යටට මණ්ඩි බසින තෙක් භාජනයක නිශ්චල ව ඇති මිදියුස වැනි ය. එහි රස අඩු නොවී ඒ තුළ ම පැවැතේ. එහි සුවඳ වෙනස් වී නැත.
“ඒ දවසේ දී සැකයෙන් තොර ව දිවි ගෙවන එතියෝපියන්වරුන් බිය ගන්වන පිණිස මා ඉදිරියෙන් පණිවුඩකාරයන් නැව්වලින් පිටත් කර යවන්නෙමි. එවිට මිසරයේ විනාශයේ දවසේ දී භීතිය ඔවුන් පිට පැමිණෙනු ඇත; එය පැමිණෙන්නේ ම ය.”
නුඹ කතා කොට, මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධ ව නැඟී ගොස්, සාමකාමී ව කරදර රහිත ව වාසය කරන අයට විරුද්ධ ව පැමිණෙන්නෙමි. ඔව්හු සියල්ලෝ ම පවුරු නැති ව වාසය කරති. ඔවුන්ට අගුල් ද දොරවල් ද නැතැ යි කියනු ඇත.
මම මාගොග් පිටත්, මුහුදුබඩ සුරැකි ව වාසය කරන්නන් පිටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
සරුසාර ප්‍රදේශවලින් වට වී, කාන්තාරයක හුදකලා ව සිටින, ඔබේ උරුමය වන ඔබේ රැළට එඬේරෙකුගේ කෙවිටෙන් මෙන් මඟ පෙන්නුව මැනව. පෙර කාලයේ දී මෙන් බාෂාන්හි ද ගිලියද්හි ද පෝෂණය වන්නට ඔවුන්ට ඉඩ දුන මැනව.
සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “අසිරියානුවරුන් බලවත් විශාල සංබ්‍යාවක් වන නමුත්, ඔව්හු විනාශ කරනු ලැබ නැත්තට ම නැති වී යන්නෝ ය. මාගේ සෙනඟෙනි, නුඹලාට, මා පීඩා කළ නමුත්, මම තවත් පීඩා නොකරන්නෙමි.
සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.
ගිරිකුළුවලින් එපිට මට ඔවුන් පෙනේ, කඳු හෙල්වලින් ඈත මට ඔවුන් දිස් වේ. ඔව්හු වෙන් ව වසන සෙනඟක් වෙති. ජාතීන් අතර නොගැණෙන සෙනඟක් වෙති.
ඉශ්රායෙල් ජනයා සුරැකි ව වසනු ඇත. ජාකොබ්ගේ පෙළපත ධාන්‍ය ද කෙත් හා මිදියුස ද ඇති සරුසාර රටක වසනු ඇත. අහස් තලය පිනි බිඳු වස්වනු ඇත.