‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පවුරට පිටතින් ඔබ හැම වටලාගෙන සිටින බබිලෝනියේ රජුටත්, කල්දිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කිරීමට ගෙන ඇති, ඔබේ අත්වල තිබෙන, යුද්ධායුධ මම ඔබට ම විරුද්ධ ව හරවන්නෙමි. මේ නගරය මැදට මම ඔවුන් රැස් කරන්නෙමි.
යෙරෙමියා 37:8 - Sinhala New Revised Version 2018 බබිලෝනිවරුන් හැරී අවුත් මේ නුවරට විරුද්ධ ව යුද්ධ කොට, මේක අල්ලා ගින්නෙන් දවාදමනු ඇත. Sinhala New Revised Version බබිලෝනිවරුන් හැරී අවුත් මේ නුවරට විරුද්ධ ව යුද්ධ කොට, මේක අල්ලා ගින්නෙන් දවාදමනු ඇත. Sinhala Revised Old Version කල්දිවරු හැරී ඇවිත් මේ නුවරට විරුද්ධව යුද්ධකොට, මේක අල්වා, ගින්නෙන් දවාදමනවා ඇත. |
‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පවුරට පිටතින් ඔබ හැම වටලාගෙන සිටින බබිලෝනියේ රජුටත්, කල්දිවරුන්ටත් විරුද්ධ ව යුද්ධ කිරීමට ගෙන ඇති, ඔබේ අත්වල තිබෙන, යුද්ධායුධ මම ඔබට ම විරුද්ධ ව හරවන්නෙමි. මේ නගරය මැදට මම ඔවුන් රැස් කරන්නෙමි.
මේ නගරයට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරු අවුත් එය ගිනි ලන්නෝ ය. ඒ සමඟ ම මා කෝප කරන පිණිස යම් ගෙවල පියසි උඩ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරුවන්නටත් යෙදුණේ ද, ඒ ගෙවලුත් දවා දමන්නෝ ය.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ ජෙරමියා අමතා ජුදාහි රජු වූ ශෙදෙකියා වෙත ගොස් ඔහුට මෙසේ කියන්නැ යි වදාළ සේක: “ස්වාමින් වන මම මෙසේ වදාරමි. බලන්න, මම මේ නගරය බබිලෝනියේ රජු අතට, පාවා දෙමි. ඔහු එය ගින්නෙන් දවාලන්නේ ය.
නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ ”
එහෙත්, නුඹ බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර නුවූවොත්, මේ නුවර බබිලෝනිවරුන් අතට පාවා දෙනු ලබන්නේ ය. ඔවුන් එය ගිනිබත් කරනු ඇත. නුඹ ද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැ”යි කී ය.
තවදුරටත් ජෙරමියා කතා කරමින්, “ඔබේ සියලු භාර්යාවෝ ද දරුවෝ ද බබිලෝනිවරුන් වෙත ගෙනයනු ලබන්නෝ ය. ඔබත් ඔවුන්ගේ අතින් බේරෙන්නේ නැත. බබිලෝනියේ රජු විසින් ඔබ හිර අඩස්සි කරනු ලබන්නෙහි ය. මේ නගරයත් ගින්නෙන් දවාලනු ලබන්නේ ය”යි කී ය.
සැබැවින් මේ නගරය බබිලෝනියේ රජුගේ සේනා අතට අසු වී ඔහු ඒක අල්ලාගන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”