Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 37:8 - Sinhala Revised Old Version

8 කල්දිවරු හැරී ඇවිත් මේ නුවරට විරුද්ධව යුද්ධකොට, මේක අල්වා, ගින්නෙන් දවාදමනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 බබිලෝනිවරුන් හැරී අවුත් මේ නුවරට විරුද්ධ ව යුද්ධ කොට, මේක අල්ලා ගින්නෙන් දවාදමනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 බබිලෝනිවරුන් හැරී අවුත් මේ නුවරට විරුද්ධ ව යුද්ධ කොට, මේක අල්ලා ගින්නෙන් දවාදමනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 37:8
9 හුවමාරු යොමු  

නුඹේ සියලු භාර්යාවන්ද දරුවන්ද කල්දිවරුන් ළඟට ගෙනයන්ට යෙදෙනවා ඇත. නුඹත් ඔවුන්ගේ අතින් නොගැළවී බබිලෝනියේ රජු අතට අසුවන්නෙහිය. නුඹ මේ නුවරත් ගිනිලන්ට සලස්වන්නෙහියයි කීවේය.


මේ නුවරට විරුද්ධව යුද්ධකරන කල්දිවරු ඇවිත් මේ නුවර ගිනිලා, ඒකත්, මා කෝපකරවන ලෙස යම් යම් ගෙවල පියසි උඩ බාල්ට සුවඳ දුම් ඔප්පුකරන්ටත් අන් දෙවිවරුන්ට පාන පූජා වගුරුවන්ටත් යෙදුණේද, ඒ ගෙවලුත් දවා දමන්නෝය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පවුරට පිටතින් නුඹලා වටලාගන සිටින බබිලෝනියේ රජුටත් කල්දිවරුන්ටත් විරුද්ධව යුද්ධකිරීමට ගන්නාවූ නුඹලාගේ අත්වල තිබෙන යුද්ධායුධ මම පස්සට හරවා, මේ නුවර මැදට ඔවුන් රැස්කරන්නෙමි.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ගොස් යූදාහි රජවූ ශෙදෙකියාට කථාකොට මෙසේ කියන්න–ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර බබිලෝනියේ රජු අතට පාවාදෙමි, ඔහු ඒක ගින්නෙන් දවාදමන්නේය.


මක්නිසාද නුඹලාට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන්ගේ මුළු සේනාවට නුඹලා විසින් පහරදී, සැර තුවාල ලත් මනුෂ්‍යයන් පමණක් එක එකා තම තමාගේ කූඩාරමෙහි ඔවුන්ගෙන් ඉතුරුවුණත්, ඔවුන් නැගිට මේ නුවර ගින්නෙන් දවාදමනවා ඇත යනුය.


එහෙත් නුඹ බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට නොගියොත්, මේ නුවර කල්දිවරුන් අතට අසුවන්නේය, ඔව්හු ඒක ගිනිලන්නෝය, නුඹද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැයි කීවේය.


සැබවින් මේ නුවර බබිලෝනියේ රජුගේ සේනාව අතට අසුවී ඔහු ඒක අල්ලාගන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක යනුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්