දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද?
යෙරෙමියා 26:16 - Sinhala New Revised Version 2018 එවිට අධිපතීහු ද සෙනඟ ද පූජකයන් හා දිවැසිවරුන් අමතා, “මේ මිනිසාට මරණීය තීන්දුව දිය යුතු නැත. මන්ද, ඔහු අපට කතා කෙළේ, අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ය”යි කී හ. Sinhala New Revised Version එවිට අධිපතීහු ද සෙනඟ ද පූජකයන් හා දිවැසිවරුන් අමතා, “මේ මිනිසාට මරණීය තීන්දුව දිය යුතු නැත. මන්ද, ඔහු අපට කතා කෙළේ, අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ය”යි කී හ. Sinhala Revised Old Version එවිට අධිපතීහුද මුළු සෙනඟද පූජකයන්ටත් ප්‍රොපේතවරුන්ටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතු නැත; මක්නිසාද මොහු අපට කථාකළේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන්යයි කීවෝය. |
දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද?
එවිට පූජකයෝ ද දිවැසිවරු ද අධිපතීන්ටත්, මුළු සෙනඟටත් කතා කොට, “මේ මිනිසා මරණීය තීන්දුව ලැබිය යුතු ය. මන්ද, ඔබ හැමගේ කන්වලින් ඔබ ඇසූ පරිදි මොහු මේ නගරයට විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය”යි කී හ.
තම තමන්ගේ ගැහැණු-පිරිමි වහලුන් යටත් කර තබා නොගෙන ඔවුන් නිදහස් කර හරින හැටියට කරගත් ගිවිසුමට සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද එකඟ වී ඔවුන් නිදහස් කොට යන්නට හැරියෝ ය.
එවිට අධිපතීහු කතා කරමින්, “ඔබ දෙදෙනා කොතැන සිටිත් ද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස ඔබත්, ජෙරමියාත් ගොස් සැඟවී සිටින්නැ”යි බාරුක්ට කීවෝ ය.
තවද, එල්නාතන් ද දෙලායා ද ගෙමරියා ද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝ ය. එහෙත්, ඔහු ඔවුන්ට සවන් නුදුන්නේ ය.
එවිට අධිපතීහු ජෙරමියාට විරුද්ධ ව කිපී, ඔහුට තළා හිර නිවසක් මෙන් සැලකුණ ජොනතන් ලේකම්ගේ ගෙයි ඔහු හිර අඩස්සි කළෝ ය.
ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ.
අපට දඬුවම් ලැබීම සාධාරණ ය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ”යි උත්තර දුන්නේ ය.
එවිට ශතාධිපතියා සිදු වූ දෙය දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, “සැබැවින් ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙකැ”යි කීවේ ය.
එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවලියේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස, මරණයට වත්, සිරගත කිරීමට වත් සුදුසු කිසිවක් ගැන ඔහුට චෝදනා නොකළ බව දැන ගතිමි.
එවිට කලබලය වඩාත් උග්‍ර විය. පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයන්ගෙන් සමහරෙක් නැඟිට තරයේ විරෝධය පාමින්: “මේ මිනිසා අත කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කරන්නට ඇතැ”යි කී හ.
එහෙත් මරණ දඬුවමට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනී ගියේ ය. ඇරත්, මොහු ම අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු එහි යැවීමට මම නියම කෙළෙමි.