Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 34:10 - Sinhala New Revised Version 2018

10 තම තමන්ගේ ගැහැණු-පිරිමි වහලුන් යටත් කර තබා නොගෙන ඔවුන් නිදහස් කර හරින හැටියට කරගත් ගිවිසුමට සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද එකඟ වී ඔවුන් නිදහස් කොට යන්නට හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 තම තමන්ගේ ගැහැණු-පිරිමි වහලුන් යටත් කර තබා නොගෙන ඔවුන් නිදහස් කර හරින හැටියට කරගත් ගිවිසුමට සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද එකඟ වී ඔවුන් නිදහස් කොට යන්නට හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එක එකා තම තමාගේ වැඩකාරයාද තම තමාගේ වැඩකාරීද තවත් යටත්කර නොගෙන ඔවුන් නිදහස්කර හරින හැටියට ගිවිසුමට ඇතුළත්වූ සියලු අධිපතීහුද මුළු සෙනඟද කීකරුවුණෝය; කීකරුවී ඔවුන් යන්ට හැරියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 34:10
12 හුවමාරු යොමු  

එවිට අධිපතීහු ද සෙනඟ ද පූජකයන් හා දිවැසිවරුන් අමතා, “මේ මිනිසාට මරණීය තීන්දුව දිය යුතු නැත. මන්ද, ඔහු අපට කතා කෙළේ, අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ය”යි කී හ.


ජුදාහි අධිපතීහු ඒ කාරණය අසා, රජ ගෙදර සිට සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුවෙහි ඇතුළු වන තැන අසුන්ගත්හ.


මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.


එවිට අධිපතීහු කතා කොට, “මේ මනුෂ්‍යයා මරනු ලැබේ වා! මන්ද, මෙසේ මෙබඳු වචන කීමෙන්, මොහු නගරයේ ඉතුරු ව සිටින යුද්ධ භටයන් ද සියලු සෙනඟ ද අධෛර්ය කරන්නේ ය. මේ මිනිසා සෙනඟගේ යහපත නොව ඔවුන්ගේ විනාශය පතන්නේ යැ”යි කී හ.


ඔහු ලේකම්ගේ ඇතුළු ගෙට බැස රජ ගෙදරට ගියේ ය. එහි සියලු අධිපතියන් වන එලිෂාමා ලේකම් ද ෂෙමායාගේ පුත් දෙලායා ද අක්බෝර්ගේ පුත් එල්නාතාන් ද ෂාපාන්ගේ පුත් ගෙමරියා ද හනනියාගේ පුත් ශෙදෙකියා ද අනික් සියලු අධිපතියෝ ද වාඩි වී සිටියහ.


සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.


එහෙත්, පසු ව ඔව්හු සිත වෙනස් කරගෙන නිදහස් කර හැරිය ගැහැණු-පිරිමි වහලුන් නැවත ගෙනවුත් වහලුන් වශයෙන් බලහත්කාරයෙන් යටත් කරගත්තෝ ය.


නුඹ හෙබ්‍රෙව් ජාතික දාසයෙකු මිලයට ගත් විට, ඔහු අවුරුදු හයක් සේවය කොට, හත් වන අවුරුද්දේ දී කිසි වන්දි ගෙවීමක් නොමැති ව ඔහුට නිදහස් ව යන්නට ඉඩ දිය යුතු ය.


මෙලෙස නුඹලා පනස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්