එතුමාණෝ හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමාණන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
යෙරෙමියා 23:37 - Sinhala New Revised Version 2018 ජෙරමියා, දිවැසිවරුන් අමතා, ‘සමිඳාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද, උන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා අසන්න. Sinhala New Revised Version ජෙරමියා, දිවැසිවරුන් අමතා, ‘සමිඳාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද, උන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා අසන්න. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ කුමන උත්තරයක් නුඹට දුන්සේක්ද? ස්වාමීන්වහන්සේ කුමක් කථාකළසේක්දැයි යන අන්දමෙන් ප්‍රොපේත තැනට කියන්න. |
එතුමාණෝ හට ගරුබිය පාන අයට ගැළවීම ඉතා සමීප ව ඇත්තේ ය. සත්තට ම එතුමාණන්ගේ මහිමාලංකාරය අප රටෙහි බබළන්නේ ය.
‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සිතට බරක් ය’යි ඔවුන් තවත් නොකිය යුතු ය. ‘සිතට බරක්’ වන්නේ නුඹලා එකිනෙකාගේ වචන ය. නුඹලා ජීවමාන දෙවියන් වන, සියලු බලැති ස්වාමීන් වන තමන්ගේ දෙවියන් වහන්සේගේ වචන දූෂණ කළහු ය.
ඔවුන් පිළිතුරු දෙමින්, ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බරක් යැ’යි කීවොත්, ‘එසේ නොකියන්නැ’යි මා ඔවුන්ට කී නමුත්, ඔවුන් එසේ කී බැවින්,