Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 23:36 - Sinhala New Revised Version 2018

36 ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සිතට බරක් ය’යි ඔවුන් තවත් නොකිය යුතු ය. ‘සිතට බරක්’ වන්නේ නුඹලා එකිනෙකාගේ වචන ය. නුඹලා ජීවමාන දෙවියන් වන, සියලු බලැති ස්වාමීන් වන තමන්ගේ දෙවියන් වහන්සේගේ වචන දූෂණ කළහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 ‘සමිඳාණන් වහන්සේගේ පණිවුඩය සිතට බරක් ය’යි ඔවුන් තවත් නොකිය යුතු ය. ‘සිතට බරක්’ වන්නේ නුඹලා එකිනෙකාගේ වචන ය. නුඹලා ජීවමාන දෙවියන් වන, සියලු බලැති ස්වාමීන් වන තමන්ගේ දෙවියන් වහන්සේගේ වචන දූෂණ කළහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 ස්වාමීන්වහන්සේගේ බරයයි තවත් සඳහන් නොකරන්න. මක්නිසාද එක එක මනුෂ්‍යයාට පැමිණෙන බර ඔහුගේම වචනය වේ; අපේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේගේ වචන නුඹලා පෙරළා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 23:36
24 හුවමාරු යොමු  

තවද, මේ කාරණා ගැන ලියන විට, ඔහු තමාගේ හසුන්වල කියන්නේත් මේ දේ ම ය. ඒවායේ තේරුම්ගැනීමට දුෂ්කර සමහර දේ ඇත. නූගත් අස්ථීර අය ශුද්ධ ලියවිල්ලේ සෙසු කොටස්වල මෙන් මේවායේත් අර්ථය නොපිට පෙරළාගනිති. එයින් ඔවුන්ගේ විනාශය සිදු වේ.


සැබැවින් ම ජෙරුසලම නැති නාස්ති වී ඇත. ජුදා වැටී ඇත. කුමක් නිසා ද ඔවුන් කරන කියන හැම දේ සමිඳුන්ට විරුද්ධ වේ. ඔව්හු දෙවිඳුන්ගේ මහිමය හෙළා දකිති.


එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.


එම්බා වංචාකාරයෙනි! දෙවිඳුන් ඔබට කුමක් කළ යුතු ද? කුමන දඬුවමක් දිය යුතු ද?


අති උත්තමයාණෝ මුසා දොඩන්නන් වනසන සේක. ඔවුන් දකින සියල්ලෝ හිස් වනන්නෝ ය.


ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ.


අප ඔබ වෙත පැමිණි විට ඔබ අප පිළිගත් ආකාරය ගැන ද, ජීවමාන වූ සත්‍ය වූ දෙවියන් වහන්සේට සේවය කරනු පිණිස ඔබ දේවතා වන්දනාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු අන්දම ගැන ද ඔව්හු ම කතා කරති.


තමා විසින් ම ඉසිලිය යුතු බරක් හැම මිනිසෙකුට ම ඇත.


“මනුෂ්‍යයිනි, ඔබ මේ දේවල් කරන්නේ මන් ද? අපිත් ඔබ හා සමාන මිනිස්සු ය, ඔබ මේ නිෂ්ඵල දේවලින් දුරු ව, අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ, ජීවමාන දෙවියන් වහන්සේ වෙතට හැරෙන පිණිස සුබ අස්න ඔබ වෙත ගෙනෙමු.


එවිට ඔහු කතා කොට, ‘නපුරු දාසය, ඔබේ ම වචනවලින් ඔබ විනිශ්චය කරමි. මා නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ, දැඩි සිතක් ඇති කෙනෙකු බව ඔබ දැන සිටියෙහි ය.


තවද, මිනිසුන් දොඩන සියලු ප්‍රලාප ගැන දේව විනිශ්චය දවසේ දී ඔවුන් වගකිවයුතු යයි ඔබට කියමි.


මා ඔබට දෙන අනතුරු ඇඟවීම් ගැන ඉතින් සරදම් නොකරන්න. ඔබේ අත්අඩංගු තවත් තද වනු ඇත. මුළු දේශය විනාශ කිරීමට සව් බලැති සමිඳුන් කර ඇති තීරණය මා අසා ඇත.


වංක සිතට සැපසම්පත් නැත, කපටි අයට දුක් විපත් ඇත.


ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස ය; මේ ගෞරවය එතුමාණන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!


සමිඳුනි, ඔවුන්ගේ චාටු බස් නවත්වන්න; පුරසාරම් නැති කරන්න.


ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි,


දාවිත් තමා ළඟ සිටි මිනිසුන්ට කතා කොට, “මේ පිලිස්තියයා මරා දමා ඉශ්රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මිනිසාට කුමක් දෙන්නේ ද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට අභියෝග කරන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවරෙක් දැ”යි ඇසී ය.


ගින්න මැදින් කතා කළ ජීවමාන දෙවියන් වහන්සේගේ කඩහඬට අප සවන් දුන්නාක් මෙන් සවන් දී, ජීවත් ව සිටින මිනිසෙක් තවත් සිටී ද?


ජෙරමියා, දිවැසිවරුන් අමතා, ‘සමිඳාණන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද, උන් වහන්සේ කුමක් වදාළ සේක් ද’ කියා අසන්න.


ඔබේ දිවැසිවරු බොරු නිෂ්ඵල දර්ශන ඔබට දැක්වූ හ; ඔව්හු ඔබේ වහල්කම පහ කිරීමට ඔබේ අපරාධ කිසි දා එළිදරව් නොකළහ. ඔබ උදෙසා ඔවුන් දුටු දර්ශන බොරු ය, රැවටිලි සහිත ය, වංචනික ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්