ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 22:17 - Sinhala New Revised Version 2018

එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් නුඹේ ඇස් සහ නුඹේ සිතත් ලාභයද නිදොස් ලේ වැගිරවීමද පීඩාකිරීමද බලාත්කාරකිරීමද කෙරෙහි මිස වෙන යමක් කෙරෙහි පිහිටා නැත.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 22:17
41 හුවමාරු යොමු  

නුඹ ඔහුට කතා කොට, ‘නුඹ ඒ වත්ත මිනී මරා අයිති කරගත්තෙහි දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. තවද, ‘බල්ලෝ යම් තැනක දී නාබොත්ගේ ලේ ලෙවකෑවෝ‍ ද එතැන්හි දී බල්ලෝ නුඹේ ලේ එසේ ය, නුඹේ ම ලේත් ලෙවකන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි කී ය.


ඔහු තමාගේ පියවරුන් කළ සියල්ල ලෙස සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.


ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත් ය. මන්ද, ඔහු වැගිරෙවූ නිදොස් අයගේ ලේ ජෙරුසලම පුරා ගලා ගියේ ය. ඔහුට කමා වන්නට සමිඳාණන් වහන්සේට නොහැකි විය.


ජෙහෝයාකිම්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ පිළිකුල් දේවල් ද ඔහුට විරුද්ධ ව දැනගත් කාරණා ද ඉශ්රායෙල් සහ ජුදා රජවරුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයෙහි වාර්තා කර තිබේ. ඔහුගේ පුත් ජෙහෝයාකීන් ඔහු වෙනුවට රජ විය.


මම යහ මඟින් ඉවත් ව ගියෙම් නම්, මා සිත මාගේ බැල්මෙන් නොමඟ ගියේ නම්, මාගේ ක්‍රියා පවින් කිළිටි වී නම්,


දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමාණෝ හෙළා දකිති.


තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න.


ඔවුන්ගේ සිතේ එක ම අරමුණ සැහැසිකමක් කිරීම ය; ඔවුන්ගේ එක ම කතාව නපුරක් කිරීම ය.


ඔව්හු කිසිසේත් තෘප්තියට නොපැමිණෙන කෑදර බල්ලන් වැනි ය. ඔව්හු තේරුම්පැහැදුම් කිසිත් නැති එඬේරු වෙති. ඔව්හු එකිනෙකා තම තමාගේ වාසිය තකා හිතුමනාපයට ක්‍රියා කරති.


වංචාවෙන් මුදල් උපයන මිනිසා, ඈ නොදැමූ බිජු රකින කපුටියක වැනි ය; පසු ව පැටවුන් ඇගෙන් ඉගිලී යන ලෙස ජීවිතයේ ඉර මුදුන් වේලේ ඒ සම්පත ඔහුගෙන් නැති වී යයි. මෙසේ ඔහු අන්තිමයේ දී මෝඩයෙකු බවට පත් වෙයි.


මා මෙසේ කරන්නේ, සෙනඟ මා අත්හැර, මේ ස්ථානය දූෂණය කර, ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත්, ජුදාහි රජවරුන් වත් දැනහැඳින නොසිටි දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පු කරන නිසාත්, නිදොස් ලෙයින් මේ ස්ථානය පුරවා තිබෙන නිසාත් ය.


“සාධාරණ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කරන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. විදේශිකයාටත්, අනාථයාටත්, වැන්දඹුවටත් අයුක්තියක් හෝ සැහැසිකමක් හෝ නොකරන්න. මේ ස්ථානයේ අහිංසක ලේ නොහළන්න.


ඔවුන්ගෙන් කුඩා අය සිට ලොකු අය දක්වා සියල්ලෝ ම අයුතු ලාභ උපයා ගනිති: දිවැසිවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.


“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලම වටලන පිණිස ගස් කපාගෙන බලකොටු සාදාගන්න. දඬුවම ලැබිය යුතු නගරය මෙය වේ. තාඩන පීඩන හැර අන් කිසිවක් එහි නැත.


විදේශිකයාට ද අනාථයාට ද වැන්දඹුවට ද පීඩා නොකරන්න. මේ ශුද්ධස්ථානයේ නිදොස් ලේ නොවගුරන්න. අන් දෙවිවරුන්ට නමස්කාර කිරීම නුඹලාට අන්තරායදායක බැවින් එසේ නොකරන්න.


එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ට ද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්න අයට ද දෙන්නෙමි. මන්ද, ලොකු කුඩා අය සැවොම අයුතු ලාභ ගැනීමට කෑදර වෙති; දිවැසිවරුන් පටන් පූජකයන් දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.


අසරණයාට ද දිළින්දාට ද පීඩා කොට කොල්ලකන්නේ ය; ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු නොදෙන්නේ ය; දේව රූප දෙසට නෙත් යොමා,


ඌ ද සිංහයන් අතරේ ගැවසී, තරුණ සිංහයෙකු වී, ගොදුරු අල්ලන්න ඉගෙනගෙන මිනිසුන් කාදැමී ය.


ඌ ඔවුන්ගේ මාලිගා කඩාදමා, ඔවුන්ගේ නගර නාස්ති කෙළේ ය. දේශය ද එහි වැසියෝ ද උගේ ගර්ජනා හඬට භීතියෙන් ත්‍රස්ත වූ හ.


ඔව්හු ඌට කොකු දමා, කූඩුවක ලා, බබිලෝනියේ රජු ළඟට ගෙනාවෝ ය. උගේ නාදය ඉශ්රායෙල් කඳුවල තවත් නෑසෙන පිණිස ඔව්හු ඌ බලකොටුවලට ගෙනාවෝ ය.”


නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ.


එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති.


ඔව්හු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති; ගෙවල් ද පැහැර ගනිති. ඔව්හු මිනිසුන් සහ ගේදොර ද දේපළ ද සොරාගනිති.


සියොන්, ඔබ ලේවලින් ද ජෙරුසලම අයුක්තියෙන් ද ගොඩනඟා ඇත.


ජෙරුසලමේ සිටින අධිපතීහු ගොරවන සිංහයෝ ය. ඇගේ විනිශ්චයකාරයෝ කෑදර වෘකයෝ ය. ඔව්හු පසු දිනට කිසිවක් ඉතිරි නොකරති.


ඔව්හු සියලු ආකාර දුෂ්ටකමින් ද නපුරෙන් ද ලෝභයෙන් හා ද්වේෂයෙන් ද ඊර්ෂ්‍යාවෙන් ද මිනී මැරීමෙන් ද දබරයෙන් ද වංචාවෙන් ද ක්‍රෝධයෙන් ද පූර්ණ ව සිටිති. ඔව්හු ඕපාදූප දොඩන, කේළාම් කියන,


සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය.


එබැවින් කාමමිථ්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසිරිත් නසාදමන්න.


කොල්ලය අතරේ ශෝභන බබිලෝනීය සළුවක් ද රිදී කාසි දෙසියයක් ද රිදී කාසි පණසක් බර ඇති රන් පොල්ලක් ද දැක, මම ඒවාට ආසා වී ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ. ඊට යටින් රිදී තිබේ ය”යි කීවේ ය.


ඔවුන්ගේ ඇස් කාමුක බැල්මෙන් පිරී ඇත. ඔවුන්ගේ පාපාශාවන්ට තෘප්තියක් නැත. ඔව්හු වැනෙන සුලු පුද්ගලයන් වරදට පොළඹවන්නෝ ය. ඔව්හු තණ්හාවට ඇබ්බැහි වූ සිත් ඇත්තෝ ය. සාප ලත් දරුවෝ ය.


ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.


එහෙත්, සාමුවෙල්ගේ පුත්‍රයෝ ඔහුගේ අඩි පාරේ නොගොස්, වස්තු තණ්හාවෙන් අල්ලස් ගෙන, යුක්තියට පිටුපා ක්‍රියා කළහ.