ෂිනාර් දේශයෙහි ඔහු පාලනය කළ පළමු වන රාජ්‍යයට බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේ යන පෙදෙස් අයත් විය.
යෙරෙමියා 21:2 - Sinhala New Revised Version 2018 ඔව්හු ජෙරමියා අමතා, “අනේ! අප උදෙසා සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අපට විරුද්ධ ව යුද්ධ කරන්නේ ය; සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා කළ පුදුම ක්‍රියා අනුව අප ගැන ක්‍රියා කරමින් නෙබුකද්නෙශර් අප කෙරෙන් ඉවත් වී යාමට සලස්වනු ඇතැ”යි කී හ. Sinhala New Revised Version ඔව්හු ජෙරමියා අමතා, “අනේ! අප උදෙසා සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අපට විරුද්ධ ව යුද්ධ කරන්නේ ය; සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා කළ පුදුම ක්‍රියා අනුව අප ගැන ක්‍රියා කරමින් නෙබුකද්නෙශර් අප කෙරෙන් ඉවත් වී යාමට සලස්වනු ඇතැ”යි කී හ. Sinhala Revised Old Version ඔව්හු කථාකොට: අනේ, අප උදෙසා ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන්න; මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අපට විරුද්ධව යුද්ධ කරන්නේය. සමහරවිට ඔහු අප වෙතින් අහක්ව යන හැටියට ස්වාමීන්වහන්සේ ස්වකීය සියලුම පුදුම ක්‍රියා ප්‍රකාරයට අප ගැන ක්‍රියාකරනවා ඇතැයි කීවෝය. |
ෂිනාර් දේශයෙහි ඔහු පාලනය කළ පළමු වන රාජ්‍යයට බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේ යන පෙදෙස් අයත් විය.
එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයා තිෂ්බි ජාතික දිවැසිවර එලියාට කතා කොට, “නැඟිට සමාරියේ රජුගේ පණිවුඩකාරයන්ගේ පෙරමඟට ගොස්, ‘ඔබ එක්‍රෝන්හි දෙවි වන බාල්-ශෙබුබ්ගෙන් විචාරන්නට යන්නේ, ඉශ්රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසා ද?
අසිරියාවේ රජ බබිලෝනියෙන් ද කුතාවෙන් ද අව්වායෙන් ද හමාතෙන් ද සෙපර්වයිමෙන් ද මිනිසුන් ගෙනවුත්, ඉශ්රායෙල් ජනයා වෙනුවට සමාරියේ නගරවල පදිංචි කරවී ය. ඔව්හු සමාරිය හිමි කරගෙන එහි නගරවල වාසය කළෝ ය.
එවිට සමිඳාණන් වහන්සේ දේව දූතයෙකු එවූ සේක. ඔහු අසිරියාවේ රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධ භටයන් ද ප්‍රධානීන් ද අධිපතීන් ද මරා දැමුවේ ය. මෙසේ සෙනකෙරීබ් රජ අපකීර්තියට පත් වී හැරී තම දේශයට ආපසු ගියේ ය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාගේ ම පුත්‍රයෝ එහි දී ඔහු කඩුවෙන් මැරුවෝ ය.
අහස් ගිගුරුම සහ ගල් වර්ෂාව නවත්වන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මම ද නුඹලාට යන්න අවසර දෙමි. නුඹලා තවත් මෙහි නැවතීම උවමනා නැතැ”යි කී ය.
එසේ වුවත්, නුඹලා ශුද්ධ නුවරට අයිති යයි ද ‘සව් බලැති සමිඳාණෝ’ යන නම දරන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් සරණ ගෙන ඇතැ යි ද කියමින් පාරට්ටු කරගන්නහු ය.
සමිඳුනි! ඔවුන්ගේ යහපත පිණිස මම යාච්ඤා නොකෙළෙම් නම්, කරදර කාලයෙහිත්, විපත් කාලයෙහිත් සතුරා උදෙසා ඔබ වහන්සේට කන්නලව් නොකෙළෙම් නම්, මේ සාප මා පිට පැමිණේ වා!
“මහෝත්තම දෙවි ස්වාමීනි! ඔබේ මහත් බලයෙන් ද පරාක්‍රමයෙන් ද ඔබ අහසත් පොළොවත් මැවූ සේක. ඔබට බැරි කිසි දෙයක් නැත්තේ ය.
“මෙන්න, නගරය අල්ලාගන්න පිණිස ඒ වටා පස් කඳු සාදා ඇත. බබිලෝනිවරු නගරයට පහර දෙන්නෝ ය. යුද්ධයත්, සාගතයත්, වසංගතයත් කරණකොටගෙන නගරය ඔවුන්ට අත්පත් වන්නේ ය. ස්වාමීනි, ඔබ වදාළ දේ සිද්ධ වී තිබෙන බව ඔබට පෙනෙන්නේ ය.
බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද ඔහුගේ මුළු සේනාව ද ඔහුගේ පාලනය යටතේ තිබුණු සියලු රට රාජ්‍යයන් ද සියලු ජනයන් ද ජෙරුසලමටත්, ඊට අයිති සියලු නගරවලටත් විරුද්ධ ව යුද්ධ කරද්දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.
“සමිඳාණන් වහන්සේගෙන් පණිවුඩයක් තිබේ දැ”යි තමාගේ මාලිගාවේ දී රහසින් ඔහුගෙන් ඇසුවේ ය. ජෙරමියා ද, “පණිවුඩයක් තිබේ. ඔබ බබිලෝනියේ රජුගේ අතට අසු වන්නෙහි ය”යි කීවේ ය.
එහෙත්, ශෙදෙකියා රජු ෂෙලෙමියාගේ පුත් ජෙහුකල් ද පූජක වූ මයසේයාගේ පුත් ශෙපනියා ද අත, “අනේ! අප උදෙසා අපේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි දිවැසිවරයා වන ජෙරමියාට කියා යැවී ය.
“මාගෙන් විමසන පිණිස නුඹලා මා වෙත එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘මෙන්න, නුඹලාට සහායට පැමිණි පාරාවෝගේ සේනාව තමන්ගේ දේශය වන මිසරයට හැරී යනු ඇත.
විපත පිට විපත ද අසුබ ආරංචියක් පිට අසුබ ආරංචියක් ද පැමිණෙන්නේ ය; ඔවුන් දිවැසිවරුන්ගේ දර්ශනයක් සොයනු ඇත; එහෙත්, පූජකයන්ගෙන් ව්‍යවස්ථාව ද ප්‍රජා මූලිකයන්ගෙන් අවවාද ද පහවන්නේ ය.
ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව බෙතෙල්හි තිබුණ බැවින් ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූ හ.
එබැවින් ඔව්හු, “ඒ මිනිසා මෙහි ඇවිත් සිටී දැ”යි යළිත් සමිඳාණන් වහන්සේගෙන් ඇසුවෝ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔහු භාණ්ඩ අතරේ සැඟවී සිටී”යි වදාළ සේක.
එවිට සාමුවෙල් කතා කොට, “මා ආපසු කැඳවීමෙන් ඔබ මට කරදර කෙළේ මන්දැ”යි සාවුල්ගෙන් ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “මම තද අමාරුවකට පත් ව සිටිමි; පිලිස්තිවරු මට විරුද්ධ ව යුද්ධ කරති; දෙවියන් වහන්සේ මා කෙරෙන් අහක් ව ගිය සේක; උන් වහන්සේ දැන් දිවැසිවරුන් ලවා වත්, ස්වප්නවලින් වත් මට පිළිතුරු දෙන්නේ නැත. එබැවින් මා කළ යුතු දේ ඔබ මට දන්වන පිණිස ඔබට අඬ ගැස්වීමි”යි කීවේ ය.
සාවුල් සමිඳාණන් වහන්සේගෙන් කරුණු විමසූ කල, උන් වහන්සේ ස්වප්නවලින් වත්, උරිම් පස ඇටවලින් වත්, දිවැසිවරුන් ලවා වත් ඔහුට පිළිතුරු නුදුන් සේක.