යෙරෙමියා 37:17 - Sinhala New Revised Version 201817 “සමිඳාණන් වහන්සේගෙන් පණිවුඩයක් තිබේ දැ”යි තමාගේ මාලිගාවේ දී රහසින් ඔහුගෙන් ඇසුවේ ය. ජෙරමියා ද, “පණිවුඩයක් තිබේ. ඔබ බබිලෝනියේ රජුගේ අතට අසු වන්නෙහි ය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 “සමිඳාණන් වහන්සේගෙන් පණිවුඩයක් තිබේ දැ”යි තමාගේ මාලිගාවේ දී රහසින් ඔහුගෙන් ඇසුවේ ය. ජෙරමියා ද, “පණිවුඩයක් තිබේ. ඔබ බබිලෝනියේ රජුගේ අතට අසු වන්නෙහි ය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ස්වාමීන්වහන්සේගෙන් වචනයක් තිබේදැයි තමාගේ ගෙදරදී රහසින් ඔහුගෙන් ඇසුවේය. යෙරෙමියාද: තිබේයයි කියා–නුඹ බබිලෝනියේ රජුගේ අතට අසුවෙන්නෙහියයි කීවේය. පරිච්ඡේදය බලන්න |
ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ සේවකයෝ ද මහා වසංගතයකින් මරනු ලබති. මහා වසංගතයෙන් ද කඩුවෙන් ද සාගතයෙන් ද ගැළවෙන සෙනඟත්, නගරයේ ඉතිරි වන සෙනඟත්, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත්, ඔවුන්ගේ සතුරන් අතටත්, ඔවුන් ඝාතනය කරන්නට සොයන අය අතටත් පාවා දෙන්නෙමි. නෙබුකද්නෙශර් ඔවුන් මරාදමනු ඇත; ඔවුන් එකෙකු වත් ඉතිරි කරන්නේ නැත. ඔවුන්ට කරුණා කරන්නේ වත්, අනුකම්පා කරන්නේ වත් නැත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.’ ”