යෙරෙමියා 16:8 - Sinhala New Revised Version 2018 “මංගල භෝජනයක් පවත්වන ගෙදරකට ඇතුළු නොවන්න. එහි සිටින්නන් සමඟ කන බොන පිණිස වාඩි නොවන්න. Sinhala New Revised Version “මංගල භෝජනයක් පවත්වන ගෙදරකට ඇතුළු නොවන්න. එහි සිටින්නන් සමඟ කන බොන පිණිස වාඩි නොවන්න. Sinhala Revised Old Version නුඹ ඔවුන් සමඟ හිඳගෙන කනබොන පිණිස මංගල්‍ය ගෙදරට ඇතුල් නොවන්න. |
විනෝදකාමීන්ගේ සමාගමෙහි හිඳගෙන මම ප්‍රීති නොවීමි. මට විරුද්ධ ව අත එසෙවූ බැවින් ඔවුන්ගෙන් වෙන් වී මම කෝපයෙන් පිරී සිටියෙමි.
එකල, ජල ගැල්මට ප්‍රථමයෙන්, නෝවා නැවට ඇතුළු වූ දිනය දක්වා, ඔව්හු කමින් බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ.
එයින් මා ඇත්තට ම අදහස් කෙළේ කිතුනුවෙකැ යි කියා ගනිමින් අනාචාරයේ හැසිරෙන්නෙකු හෝ වස්තු තෘෂ්ණාව ඇති කෙනෙකු හෝ රූප වඳින්නෙකු හෝ නින්දා කරන්නෙකු හෝ බේබද්දෙකු හෝ කොල්ලකන්නෙකු හෝ ඇසුරු නොකිරීම පමණක් නොව, එවැන්නෙකු සමඟ ආහාර වත් නොවැළඳීමයි.