ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.
යෙරෙමියා 15:19 - Sinhala New Revised Version 2018 මෙයට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ ආපසු ආවොත් මම නුඹ නැවත පිළිගන්නෙමි. නුඹ ද මා ඉදිරියේ සිටින්නෙහි ය. නුඹ නොවටින දේ නොව, අගනා දේ කතා කරන්නෙහි නම්, නුඹ මාගේ මුඛය මෙන් වන්නෙහි ය. එවිට සෙනඟ නුඹ වෙත හැරී එනු ඇත. ඔවුන් වෙත යන්න නුඹට වුවමනාවක් නොවනු ඇත. Sinhala New Revised Version මෙයට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ ආපසු ආවොත් මම නුඹ නැවත පිළිගන්නෙමි. නුඹ ද මා ඉදිරියේ සිටින්නෙහි ය. නුඹ නොවටින දේ නොව, අගනා දේ කතා කරන්නෙහි නම්, නුඹ මාගේ මුඛය මෙන් වන්නෙහි ය. එවිට සෙනඟ නුඹ වෙත හැරී එනු ඇත. ඔවුන් වෙත යන්න නුඹට වුවමනාවක් නොවනු ඇත. Sinhala Revised Old Version එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ හැරීආවොත්, මම නුඹ නැවත ගෙනෙන්නෙමි, නුඹද මා ඉදිරියෙහි සිටින්නෙහිය; නුඹ අනර්ඝ දෙය නීච දෙයින් වෙන්කළොත්, නුඹ මාගේ මුඛය මෙන් සිටින්නෙහිය. ඔව්හු නුඹ වෙතට හැරීඑන්නෝය, එහෙත් නුඹ ඔවුන් වෙතට හැරී නොයන්න. |
ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.
එබැවින් දැන් ඉතින් යන්න, නුඹට කතා කිරීමට මම උදව් වෙමි, නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි”යි වදාළ සේක.
තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.
එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි.
එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න.
‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.
සෑම කල්හි ම මා ඉදිරියෙහි සිටින්නට රේකාබ්ගේ පුත්‍ර වූ ජෝනාදාබ්ගෙන් පැවත එන කෙනෙක් නැති ව නොයන්නේ ය. ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉතින් ඉශ්රායෙල්, නුඹ හැරී ආ යුත්තේ මා වෙත ය. මා පිළිකුල් කරන දේවරූප ස්ථීර ව පහකර දමා නුඹ මට පක්ෂපාත වන්නෙහි නම්,
උදුන තද ගින්නෙන් ඇවිලීමෙන් වානේ උණු වේ. එහෙත්, ගින්නෙන් කොතරම් පිරිසිදු කළත් දුෂ්ටයෝ පිරිසිදු නොවෙති.
ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති. පණ රැකගන්න පිණිස ඔව්හු ආහාර වෙනුවට තමන්ගේ වටිනා දේ දුන්නෝ ය. සමිඳුනි, මා නීච වී සිටින බව බලා මා සැලකුව මැනව.
ඔවුන් ඉතා කැරලිකාර බැවින් ඔවුන් සවන් දුන්නත් නුදුන්නත් මාගේ වචනය ඔවුන්ට ප්‍රකාශ කරන්න.
ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩ කොට මාගේ ශුද්ධ දේ කෙලෙසූ හ. ඔවුන් කැප දේ ද අකැප දේ ද අතරේ වෙනසක් කෙළේ වත්, අපවිත්‍ර දේ ද පවිත්‍ර දේ ද අතරේ තිබෙන වෙනස දැන්නුවේ වත් නැත; මාගේ සබත් දවස් ඔව්හු නොසලකා හැරියෝ ය. මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමිණියේ ය.
“කැප දෙය සහ අකැප දෙය අතර තිබෙන වෙනස ඔව්හු මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර දෙය සහ පවිත්‍ර දෙය අතරෙන් තිබෙන වෙනස ඔවුන්ට දන්වත් වා.
නුඹ කැප කළ දේවලින් අකැප දේ ද සම්මත පරිදි අපවිත්‍ර දෙයින් පවිත්‍ර දේ ද වෙන් කළ යුතු ය.
“නුඹ නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කියන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.
“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “නුඹ මාගේ ආඥාවලට කීකරු වී මා නුඹට නියම කරන යුතුකම් ඉටු කරන්නෙහි නම්, මාගේ මාලිගාවේ හා එහි මණ්ඩපයේ භාගය නුඹට අයත් වන්නේ ය. මා ඉදිරියෙහි සිටින අයගේ අයැදුම්වලට සවන් දෙන්නාක් මෙන් මම නුඹේ අයැදුම්වලට ද සවන් දෙන්නෙමි.
දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ අබිමුවෙහි සේවා කරන ගාබ්‍රියෙල් මම ය; මා එවන ලද්දේ ඔබ සමඟ කතා කරන්නටත්, මේ සුබ ආරංචිය ඔබට පවසන්නටත් ය.
ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.”
මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.
එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.”
මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.
මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි.
සුබ අස්නේ සත්‍යතාව ඔබ උදෙසා පවිත්‍ර ව තබාගන්නා පිණිස, මොහොතක් වත් අපි ඔවුන්ට යටත් නොවීමු.
එහෙත් ඝන ආහාර අවශ්‍ය වන්නේ හොඳ නරක විමසා බැලීමට අත්දැකීමෙන් තියුණු වූ ඉඳුරන් ඇති මුහුකුරා ගිය පුද්ගලයන්ට ය.
ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි,