යෙරෙමියා 10:19 - Sinhala New Revised Version 2018 ජෙරුසලම් සෙනඟ කෑගසමින් මෙසේ කියති: “අහෝ! අපේ පීඩාව කොපමණ බරපතල ද? අපේ තුවාළ සුව කළ නොහැකි ලෙස දරුණු ය. එහෙත්, ‘අප ඒවා ඉවසිය යුතු යැ’යි අපි කීවෙමු. Sinhala New Revised Version ජෙරුසලම් සෙනඟ කෑගසමින් මෙසේ කියති: “අහෝ! අපේ පීඩාව කොපමණ බරපතල ද? අපේ තුවාළ සුව කළ නොහැකි ලෙස දරුණු ය. එහෙත්, ‘අප ඒවා ඉවසිය යුතු යැ’යි අපි කීවෙමු. Sinhala Revised Old Version අහෝ මාගේ රිදුම නිසා මට දුක්වේ! මාගේ තුවාලය බරපතළය. මමද: සැබවින් මේ මාගේ දුකය, මේක මා විසින් දැරිය යුතුයයි කීවෙමි. |
එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි.
සමිඳාණන් වහන්සේ සිය සෙනඟ වෙතින් සැඟවී සිටින නමුත්, මම උන් වහන්සේ අදහා මාගේ බලාපොරොත්තුව උන් වහන්සේ කෙරෙහි තබමි.
“ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.
මාගේ සෙනඟ මොරගසමින් මෙසේ යාච්ඤා කරති: ‘සමිඳුනි, අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ අයුතුකම්, අපේ අපරාධ, අපට විරුද්ධ ව සාක්ෂි දෙන නමුත්, ඔබේ නාමය වෙනුවෙන් අපට පිහිට වුව මැනව. අපි බොහෝ වර ඔබ වෙතින් හැරී ගියෙමු. ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව වන සමිඳුනි, ඔබ අත්හරින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති. ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන් ධූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහ වී යනු ඇත.
අනේ! මාගේ දරුණු වේදනාව, මාගේ දරුණු වේදනාව. ඒ වේදනාවෙන් මම ඇඹරෙන්නෙමි. අහෝ මාගේ පපුව! මාගේ පපුව තදින් ගැහෙයි. මට නිශ්ශබ්ද ව සිටින්නට බැරි ය. මන්ද, හොරණෑ හඬත්, රණ හඬත් මට ඇසුණේ ය.
විළිරුජා ඇති ස්ත්‍රියකගේ හැඬීම මෙන් ද කුලුඳුලා බිහි කරන ස්ත්‍රියකගේ ප්‍රසව වේදනාව මෙන් ද සියොන් දුවගේ හඬ මට ඇසුණේ ය. ඈ හතිදමමින් කෙඳිරිගාමින්, ඇගේ අත් විදහාගෙන, “අහෝ! මට විපත ය; මා මරන්නට එන අය ඉදිරියේ මම ක්ලාන්ත වෙමි”යි කියන්නී ය.
“මාගේ සෙනඟගේ තුවාළය නිසා මම තුවාළ ලැබ ශෝකයට පත් ව සිටිමි. මම අන්ත වියවුල්කමට ලක් වී සිටිමි.
අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය.
ඈ රාත්‍රියෙහි අතිශයෙන් වැලපෙයි. කඳුළු ඇගේ දෙකපොල දිගේ ගලා යයි, ඇගේ පෙම්වතුන් අතර ඇය සනසන්නට කිසිවෙක් නැත. ඇගේ සියලු මිතුරෝ ද්‍රෝහිකම් කර, ඇගේ සතුරන් වී සිටිති.
මා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින් මාගේ පැමිණිල්ල ඉදිරිපත් කර විනිශ්චය ඉටුවන තුරු මම උන් වහන්සේගේ උදහස ඉවසන්නෙමි. අන්තිමේ දී උන් වහන්සේ මාගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කොට ඔවුන්ගෙන් මට සිදු වී ඇති විපත්ති පිළිබඳ විනිශ්චය ඉෂ්ට කරන සේක. උන් වහන්සේ මා ආලෝකයට පමුණුවනු ඇත. මම ද උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම දැක ප්‍රීති ප්‍රමෝද වන්නෙමි.