ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 1:9 - Sinhala New Revised Version 2018

එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 1:9
22 හුවමාරු යොමු  

එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක. සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක. එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක. සිය කොපුවේ මා සඟවා තැබූ සේක.


විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.


අහස විහිදුවා, පොළොවේ අත්තිවාරම් දැමුවේ මම ය. මම සියොන් අමතා, ‘නුඹලා මාගේ සෙනඟ ය; නුඹලාට මාගේ ඉගැන්වීම දිනිමි; මාගේ හස්තයෙන් නුඹලා ආරක්ෂා කරන්නෙමි’යි කීමි.”


නුඹලා සමඟ මම ගිවිසුමක් කරන්නෙමි. එය මෙසේ ය. නුඹලා කෙරෙහි පවරා ඇති මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ මුවෙහි තබන ලද මාගේ වචන ද නුඹලාගේ මුඛයෙන් වත්, නුඹලාගේ දරුවන්ගේ මුඛයෙන් වත්, ඔවුන්ගේ දරුවන්ගේ මුඛයෙන් වත් මෙතැන් සිට සදාකාලයට ම පහ නොවන්නේ ය.”


මෙයට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ ආපසු ආවොත් මම නුඹ නැවත පිළිගන්නෙමි. නුඹ ද මා ඉදිරියේ සිටින්නෙහි ය. නුඹ නොවටින දේ නොව, අගනා දේ කතා කරන්නෙහි නම්, නුඹ මාගේ මුඛය මෙන් වන්නෙහි ය. එවිට සෙනඟ නුඹ වෙත හැරී එනු ඇත. ඔවුන් වෙත යන්න නුඹට වුවමනාවක් නොවනු ඇත.


දිවැසිවර ජෙරමියා මේ සියලු දේ ජෙරුසලමේ දී ජුදාවේ රජු වූ ශෙදෙකියාට කීවේ ය.


“නුඹ අකුළන පොතක් රැගෙන, ජොෂියාගේ දවස්වල දී මා නුඹට වදාළ දින පටන් අද දවස දක්වා ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද සියලු ජාතීන් ද ගැන මා නුඹට කී සියලු ම වචන එහි ලියන්න.


ඔවුන්ට මෙසේ සිදු වනු ඇත. නුඹලා මෙසේ කියන බැවින් සියලු බලැති දෙවියන් වහන්සේ මට වදාරන වචන මෙසේ ය: “මාගේ වචන නුඹේ මුඛයෙහි ගින්නක් මෙන් ද සෙනඟ දර මෙන් ද කරන්නෙමි. එයින් ඔවුන් දැවී යනු ඇත.”


තවද, උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලු ම වචනවලට හොඳින් සවන් දී, නුඹේ සිතේ ඒවා නිදන් කරගන්න.


උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත ගොස්, ඔහුට මෙසේ සැළ කළ යුතු ය”යි දැන්වූ සේක.


එහෙත්, ඔවුන් ඔබ පාවා දෙන කල, ඔබ කතා කළ යුත්තේ කෙසේ ද, කිව යුත්තේ කුමක් දැ යි සිතමින් කරදර නොවන්න. මන්ද, ඔබ කිව යුතු දේ නියම වේලාවේ දී ම ඔබට දෙනු ලැබේ.


උන් වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන් කොට ඉවතට ගෙන ගොස්, ඔහුගේ කන්වල උන් වහන්සේගේ ඇඟිලි බහා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක.


ඔබ කිය යුතු දේ ඒ මොහොතේ දී ම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට දන්වනු ඇත.”


මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.


හොරෙබ් කන්ද ළඟ ජනතාව රැස් වූ දින, දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ කටහඬ අපට යළි ඇසෙන්න ඉඩ නොතබනු මැනවි; අප මිය නොයන ලෙස මේ මහා ගින්න ද අපට තවත් පෙනෙන්න ඉඩ නොදෙනු මැනව’යි ඉල්ලුවහු ය.


සමිඳාණන් වහන්සේ මට කතා කොට ‘ඔවුන් කී දේ නැණවත් ය.


නුඹේ සහෝදර ජනතාව අතරෙන් නුඹ හා සමාන දිවැසිවරයෙකු තෝරා පත් කොට, ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අණ කරන සියල්ල, ඔවුන්ට ඔහු දන්වනු ඇත.