Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 23:5 - Sinhala New Revised Version 2018

5 උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත ගොස්, ඔහුට මෙසේ සැළ කළ යුතු ය”යි දැන්වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත ගොස්, ඔහුට මෙසේ සැළ කළ යුතු ය”යි දැන්වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ස්වාමීන්වහන්සේ බාලාම්ගේ මුඛයෙහි වචනයක් තබා: බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 23:5
14 හුවමාරු යොමු  

එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: “මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි.


නුඹේ සහෝදර ජනතාව අතරෙන් නුඹ හා සමාන දිවැසිවරයෙකු තෝරා පත් කොට, ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අණ කරන සියල්ල, ඔවුන්ට ඔහු දන්වනු ඇත.


නුඹලා සමඟ මම ගිවිසුමක් කරන්නෙමි. එය මෙසේ ය. නුඹලා කෙරෙහි පවරා ඇති මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ මුවෙහි තබන ලද මාගේ වචන ද නුඹලාගේ මුඛයෙන් වත්, නුඹලාගේ දරුවන්ගේ මුඛයෙන් වත්, ඔවුන්ගේ දරුවන්ගේ මුඛයෙන් වත් මෙතැන් සිට සදාකාලයට ම පහ නොවන්නේ ය.”


අහස විහිදුවා, පොළොවේ අත්තිවාරම් දැමුවේ මම ය. මම සියොන් අමතා, ‘නුඹලා මාගේ සෙනඟ ය; නුඹලාට මාගේ ඉගැන්වීම දිනිමි; මාගේ හස්තයෙන් නුඹලා ආරක්ෂා කරන්නෙමි’යි කීමි.”


සමිඳාණන් වහන්සේ බාලාම්ට මුණ ගැසී, ඔහුට කතා කොට, “නුඹ බාලාක් වෙත නැවත ගොස් මෙසේ කියන්නැ”යි වදාළ සේක.


මෙය ඔහු ම හිතා කී දෙයක් නොවේ. ඒ වනාහි, ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයා ව සිටි බැවින්, ජේසුස් වහන්සේ ජාතිය උදෙසා ද,


ඔබ කිය යුතු දේ ඒ මොහොතේ දී ම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබට දන්වනු ඇත.”


මිනිසා සැලැස්ම සාදයි, සමිඳාණෝ ඔහුගේ ගමන හසුරුවන සේක.


සිතුවිලි සැලැස්ම මිනිසා සතු ය; අවසන් තීරණය සමිඳුන් වෙත ය.


එවිට උන් වහන්සේගේ දූතයා බාලාම්ට කතා කොට, “මේ මිනිසුන් සමඟ යන්න. එහෙත්, මම නුඹට දන්වන දේ පමණක් නුඹ කිව යුතු ය”යි උත්තර දුනි. එවිට බාලාම් බාලාක්ගේ නායකයන් සමඟ යන්නට ගියේ ය.


එදින රෑ දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ, ඔහුට කතා කොට, “නුඹ කැඳවීමට මේ මිනිස්සු පැමිණියෝ නම්, ඔවුන් සමඟ යන්න. එහෙත්, මා නුඹට දන්වන පණිවුඩය අනුව පමණක් නුඹ කළ යුතු ය”යි වදාළ සේක.


නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතු දැ යි කියා දෙන්න. මම නුඹට හා ඔහුට ද කතා කිරීමට උදව් වන්නෙමි. තවද, නුඹ කුමක් කළ යුතු දැ යි උගන්වන්නෙමි.


එහි දී දෙවියන් වහන්සේ ඔහුට හමු වූ විට ඔහු උන් වහන්සේ අමතා, “මම පූජාසන හතක් තනා ඒ එක එක මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළෙමි”යි කී ය.


ඔහු ද බාලාක් වෙත ගිය විට, බාලාක් සහ මෝවබ්හි නායකයන් ඔහුගේ දවන යාග පූජාව ළඟ සිටිනු දිටී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්