ගීතාවලිය 98:7 - Sinhala New Revised Version 2018 මුහුද ද එහි ඇති සියල්ල ද ගර්ජනා කෙරේ වා! ලෝකය ද එහි වැසියෝ ද ගී ගයත් වා! Sinhala New Revised Version මුහුද ද එහි ඇති සියල්ල ද ගර්ජනා කෙරේ වා! ලෝකය ද එහි වැසියෝ ද ගී ගයත් වා! Sinhala Revised Old Version මුහුදද එහි ඇති සියල්ලද ගර්ජනාකෙරෙත්වා; ලෝකයද එහි වැසියෝද ගර්ජනාකෙරෙත්වා. |
සගලොව ප්‍රීති ප්‍රමෝද වේ වා! නරලොව තුටු පහටු වේ වා! සමුදුරත් එහි ඇති සියල්ලත් ගිගුරුම් දේ වා!
සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක.
පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක.