ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 97:9 - Sinhala New Revised Version 2018

සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළෝ තලයට ශ්‍රේෂ්ඨ වන සේක; සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළෝ තලයට ශ්‍රේෂ්ඨ වන සේක; සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ස්වාමිනි, ඔබ මුළු පොළොවට උතුම්සේක. ඔබ සියලු දෙවිවරුන්ට වඩා අතිශයින් උසස්ව සිටිනසේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 97:9
14 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්ස, අපේ කන්වලින් අප ඇසූ සියල්ල ලෙස ඔබට සමාන කෙනෙක් නැත. ඔබ වහන්සේ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.


සමිඳාණන් අති උතුම් බවත්, වෙනත් සියලු දෙවිවරුන්ට වඩා අපේ සමිඳාණන් උසස් බවත් දනිමි.


දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.


ඔබ වහන්සේගේ නාමය පමණක් ‘සමිඳාණෝ’ බව ද මිහි පිට ඔබ පමණක් ‘අති උත්තමයාණෝ’ බව ද ඔව්හු දැනගනිත් වා!


අහෝ සමිඳුනි! ඔබේ සතුරෝ එසේ ය, ඔබේ සතුරෝ වනසනු ලබන්නෝ ය. සියලු නපුරුකම් කරන්නෝ විසුරුවනු ලබන්නෝ ය.


මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක; උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක.


සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමාණන්ට ගරුබිය පෑ යුතු ය.


තවද, සමිඳාණන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උත්තරීතර බව මම දැන් දනිමි. මන්ද, මිසර වාසීන් ඉතා අහංකාර ලෙස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ක්‍රියා කළ විට උන් වහන්සේ මෙය කළ සේකැ”යි කී ය.


සමිඳාණෝ මහෝත්තම වන සේක. සියල්ල කෙරෙහි එතුමාණෝ ආණ්ඩු කරන සේක. එතුමාණෝ ජෙරුසලම පුරා යුක්තියත්, ධර්මිෂ්ඨකමත් පිහිටුවන සේක.


එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.


ඔව්හු හැම දෙන අඥාන ය, මෝඩ ය. ඒ ලී පිළිමවලින් උගත හැකි දෙයක් ඇද් ද?


එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අධිපතීන්ටත්, බලධාරීන්ටත්, පරාක්‍රමවලටත්, අධිකාරීන්ටත්, එසේ ම, මේ යුගයේ පමණක් නොව, මතු පැමිණෙන යුගයෙහි ද, නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජඹෙන සේක.