ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 91:8 - Sinhala New Revised Version 2018

ඔබේ ම දෙනෙතින් මේ සියල්ල ඔබ දකින්නෙහි ය. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබේ ම දෙනෙතින් මේ සියල්ල ඔබ දකින්නෙහි ය. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 91:8
9 හුවමාරු යොමු  

සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමාණෝ ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත.


මාගේ සතුරන්ගේ පරාජය මම දෑසින් දුටුවෙමි. දුදනන්ගේ දුක් විලාපයට සවන් දිනිමි.


මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.


මෙසේ එදින සමිඳාණන් වහන්සේ මිසර වාසීන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවාගත් සේක. ඉශ්රායෙල්වරු ද මිසර වාසීන් මුහුදු වෙරළේ මැරී සිටිනු දුටහ.


එහෙත්, දුෂ්ටයන්ට වන විපතක මහත! ඔවුන්ගේ ක්‍රියාවල ඵල විපාක ඔවුන් පිට ම වැටෙනු ඇත.


මේ දේ නුඹලාගේ දෑසින් නුඹලා දකිනු ඇත. එවිට, ‘ඉශ්රායෙල් දේශයෙන් එපිටත් සමිඳාණන් වහන්සේ බලවත් ය’යි නුඹලා කියනු ඇත.”


මන්ද, දේව දූතයන් මඟින් ප්‍රකාශ කරන ලද ව්‍යවස්ථාව කෙතරම් දැඩි වී ද යත්, සියලු වැරදිවලටත්, අකීකරුකම්වලටත් සාධාරණ ප්‍රතිවිපාක ලැබුණු බව අපි දනිමු.