ගීතාවලිය 9:7 - Sinhala New Revised Version 2018 සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක; විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක. Sinhala New Revised Version සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක; විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක. Sinhala Revised Old Version එහෙත් ස්වාමීන්වහන්සේ සදාකල්ම රජව වැඩහිඳිනසේක. උන්වහන්සේ තමන් සිංහාසනය විනිශ්චය පිණිස පිළියෙළකළසේක. |
සමිඳාණෝ සිය සිහසුන සගලොවෙහි පිහිටෙවු සේක. එතුමාණන්ගේ රාජ්‍යය ද සියල්ලන් කෙරෙහි බල පවත්වයි.
කඳු හෙල් ඇති වන්නට පෙර සිට ඔබ පොළොව ද සකල ලොව ද මවන්නට පෙර සිට සදාකාලයෙන් සදාකාලයට ම ඔබ දෙවියන් වහන්සේ වන සේක.
එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න.
තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.