ගීතාවලිය 89:7 - Sinhala New Revised Version 2018 සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය. සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය. Sinhala New Revised Version සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය. සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය. Sinhala Revised Old Version උන්වහන්සේ වනාහි ශුද්ධවන්තයන්ගේ සභාවේදී ඉතා භයානකවූ, තමන් අවට සිටින සියල්ලන්ට වඩා භයවිය යුතුවූ දෙවිකෙනෙක්ය. |
අහෝ සමිඳුනි! දෙවිවරුන් අතර ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය. ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි අන් ක්‍රියා ද නැත්තේ ය.
මුළු විශ්වය මැව්වේ මම ය. එබැවින් සියලු දේ මාගේ ය. යටහත්, තැළුණු සිත් ඇති මාගේ වචනයට කීකරු වන මිනිසා මට ප්‍රිය මනාප වේ.
එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.
ජාතීන්ගේ නිරිඳාණෙනි, ඔබට බිය නොවන්නේ කවරේ ද? බිය විය යුත්තේ ඔබට පමණ ය. ජාතීන් අතර ද සියලු රාජ්‍යයන්හි ද සියලු පැණවතුන් අතර ද ඔබට සම කිසිවෙක් නැත.
එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.
ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න.