ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 89:49 - Sinhala New Revised Version 2018

අහෝ සමිඳුනි! ඔබ කලින් පෑ තිර පෙම දැන් කොතැන්හි ද? දාවිත්ට දුන් විශ්වාසවන්ත පොරොන්දු දැන් කොහි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අහෝ සමිඳුනි! ඔබ කලින් පෑ තිර පෙම දැන් කොතැන්හි ද? දාවිත්ට දුන් විශ්වාසවන්ත පොරොන්දු දැන් කොහි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමිනි, ඔබගේ විශ්වාසකමින් දාවිත්ට දිවුළාවූ ඔබගේ පළමු කරුණාවල් කොයිද?

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 89:49
12 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ දාවිත්ට දිවුළ ලෙස, මම ඔහුට නො‍කෙළෙම් නම්, දෙවියන් වහන්සේ අබ්නේර්ට ඉතා තදින් දඬුවම් කරන සේක් වා!


එහෙත්, නුඹේ මාර්ගයෙන් මා විසින් අහක් කරන ලද සාවුල්ගෙන් මාගේ ස්ථිර ප්‍රේමය පහ කළ ලෙස ඒ රජුගෙන් එය පහ නො‍කරන්නෙමි.


පැණවතුන් මියයන බව ද නූගතුන් හා අනුවණයන් යන දෙගොල්ල ම වැනසෙන බව ද ඔවුන්ගේ ධනය අනුන්ට තබා යන බව ද නොදන්න කෙනෙක් නැත.


මිනිසෙකුගේ ජීවිතය සඳහා ගෙවිය යුතු මිදීමේ මිලය ඉතා විශාල ය; මිනී වළට යාමෙන් වැළකෙන පිණිසත්,


මාගේ සතුරන් මට කළ නපුර ඔවුන්ට ම පල දේ වා! තම විශ්වාසවන්තකම නිසා එතුමාණෝ ඔවුන් සහමුලින් ම වනසාලන සේක් වා!


මම මාගේ ශුද්ධවන්තකම පිට සදහට ම දිවුළෙමි; එබැවින් දාවිත්ට මම බොරුවක් නොකියන්නෙමි.


“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.


එහෙත් උන් වහන්සේ පූජකයෙකු වූයේ දිවුරුම් දීමක් ඇති ව ය. ඒ බව ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ ‘ඔබ සදහට ම පූජකයෙකැ’යි සමිඳාණන් වහන්සේ දිවුරුම් දුන් සේක, ඒ දිවුරුම උන් වහන්සේ නිෂ්ප්‍රභ නොකරන සේක.”