Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 3:9 - Sinhala New Revised Version 2018

9 සමිඳාණන් වහන්සේ දාවිත්ට දිවුළ ලෙස, මම ඔහුට නො‍කෙළෙම් නම්, දෙවියන් වහන්සේ අබ්නේර්ට ඉතා තදින් දඬුවම් කරන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 සමිඳාණන් වහන්සේ දාවිත්ට දිවුළ ලෙස, මම ඔහුට නො‍කෙළෙම් නම්, දෙවියන් වහන්සේ අබ්නේර්ට ඉතා තදින් දඬුවම් කරන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 රජකම සාවුල්ගේ වංශයෙන් අහක්කර, දාවිත්ගේ සිංහාසනය දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි පිහිටුවන පිණිස,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 3:9
16 හුවමාරු යොමු  

සාමුවෙල් ඔහුට කතා කරමින්, “සමිඳාණන් වහන්සේ අද ඉශ්රායෙල් රාජ්‍යය ඔබෙන් ගෙන ඉරා ඔබට වඩා යහපත් ඔබේ අසල්වැසියෙකුට දී තිබේ.


එවිට ජෙශෙබෙල් කතා කොට, “මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්‍රාණය ඒ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුගේ ප්‍රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම්, දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරාදමත් වා”යි පණිවුඩකාරයෙකු අත එලියාට කියා ඇරියා ය.


සමිඳාණන් වහන්සේගේ වචනය ප්‍රකාරයට සාවුල්ගේ රජකම දාවිත්ට හරවා දෙන පිණිස යුද්ධයට සන්නද්ධ ව දාවිත් වෙත හෙබ්‍රොන්ට පැමිණි මනුෂ්‍යයන්ගේ ගණන මෙසේ ය:


සමිඳාණන් වහන්සේ මා ලවා ප්‍රකාශ කරවූ හැටියට ඉෂ්ට කළ සේක. සමිඳාණන් වහන්සේ ඔබ අතින් රජකම පැහැරගෙන ඔබේ අසල්වැසියා වන දාවිත්ට දුන් සේක.


ඔබ මැරෙන තැන ම මමත් මැරෙන්නෙමි, එතැන ම වළලනු ලබමි. මරණය හැර ඔබෙන් මා වෙන් කළ හැකි වෙන කිසිවක් නැත; තිබුණොත්, සමිඳාණන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”


තවද, අමාසාට කතා කොට, ‘ඔබ මාගේ ලේ නෑයෙක් නො‍වේ ද? අද සිට ජෝවාබ් වෙනුවට මම නුඹ සේනාපතියා වශයෙන් පත් කරමි. එසේ නො‍කළො‍ත් දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක්වා’යි කියන්නැ”යි කියා යැව්වේ ය.


එය දවල් කාලය වූ බැවින් දාවිත්ට කෑම කන්නට පෙරැත්ත කරන පිණිස මුළු සෙනඟ ආහ. එහෙත් දාවිත්, “මා රොටි වත්, වෙන කිසි දෙයක් වත් ඉර බැස යන තෙක් කටට ගත්තොත්, දෙවියන් වහන්සේ මට දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!”යි කියමින් දිවුළේ ය.


මා මොහුගේ සියලු පිරිමින්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන සේ හෙට එළි වන්නට පෙර මරා නොදැම්මොත් දෙවියන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා.”


සාවුල් පිළිතුරු දෙමින්, “ජොනතන් ඔබ නසින්නට ම ඕනෑ ය; නැත්නම් දෙවියන් වහන්සේ ඊට වැඩියෙනුත් මට දඬුවම් කරන සේක්වා”යි කීයේ ය.


එවිට ඒලී, “සමිඳාණන් වහන්සේ ඔබට කී දේ කුමක් ද? ඒක මාගෙන් නොසඟවන්න. උන් වහන්සේ ඔබට වදාළ සියලු දේ කිසිවක් මාගෙන් නොසඟවා ඔබ මට නොකියන්නෙහි නම්, දෙවියන් වහන්සේ ඔබට ඉතා තද ලෙස දඬුවම් කරන සේක් වා”යි කීවේ ය.


මෙසේ දාවිත් සියලු ජුදා මිනිසුන්ගේ සිත් එක් කෙනෙකුගේ සිත මෙන් දිනාගත්තේ ය. සෙනඟ කතා කරමින්, “ඔබේ සියලු සේවකයන් සමඟ හැරී අව මැනව”යි කියා යැව්වෝ ය.


එවිට සලමොන් රජ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමින්, “අදොනියා පැවසූ මේ වචන නිසා ඔහු මරණ පත් නොවන්නේ නම්, දෙවියන් වහන්සේ මට දැඩි ලෙස දඬුවම් දෙන සේක් වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්