ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 89:23 - Sinhala New Revised Version 2018

මම ඔහුගේ එදිරිකරුවන්ට පහර දෙන්නෙමි; ඔහුට වෛර කරන සියල්ලන් වනසාලන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම ඔහුගේ එදිරිකරුවන්ට පහර දෙන්නෙමි; ඔහුට වෛර කරන සියල්ලන් වනසාලන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුගේ එදිරිකාරයන් ඔහු ඉදිරියෙහි යටත්කරන්නෙමි, ඔහුට වෛරවන්නන්ට පහරදෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 89:23
12 හුවමාරු යොමු  

සාවුල්ගේ වංශයත්, දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධ පැවතුණේ ය. දාවිත් වනාහි වඩ වඩා බලවත් වන අතර, සාවුල්ගේ වංශය වඩ වඩා බල හීන වේගෙන ගියේ ය.


දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිඳාණන් වහන්සේ ඔහුට හැම අතින් ම නිදහස දුන් පසු, ඔහු සිය නිවෙසෙහි වාසය කෙළේ ය.


නුඹ ගිය හැමතැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳදැමුවෙමි. මිහි පිට සිටින උත්තමයන්ගේ නාමය මෙන් උසස් නාමයක් නුඹට සලසා දෙන්නෙමි.


ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති; මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති.


ඔහුගේ සතුරන් ලජ්ජාවට පත් කරන්නෙමි. එහෙත්, ඔහු මත ඔහුගේ කිරුළ බබළන්නේ ය.


මාගේ වෛරක්කාරය‍න් මා විසින් සිඳලනු ලබන පිණිස, මාගේ සතුරන් මට පිටු පාන්නට සලසන සේක.


එහෙත් ඔහුගේ නගරවැසියෝ ඔහුට වෛර වී, ‘මේ මනුෂ්‍යයා අප කෙරේ රජකම් කිරීම අපේ කැමැත්ත නොවේ ය’යි කියනු පිණිස නියෝජිත පිරිසක් ඔහු පස්සේ යැවූ හ.


එසේ වුව ද මා තමන් කෙරේ රජකම් කරනවාට කැමැති නුවූ මේ මාගේ සතුරන් මෙ‍හි ගෙනවුත් මා ඉදිරියෙහි ම මරා දමන්නැ’යි කීවේ ය.”


මට ද්වේෂ කරන්නා මාගේ පියාණන් වහන්සේටත්, ද්වේෂ කරන්නේ ය.