Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 89:23 - Sinhala Revised Old Version

23 ඔහුගේ එදිරිකාරයන් ඔහු ඉදිරියෙහි යටත්කරන්නෙමි, ඔහුට වෛරවන්නන්ට පහරදෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 මම ඔහුගේ එදිරිකරුවන්ට පහර දෙන්නෙමි; ඔහුට වෛර කරන සියල්ලන් වනසාලන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 මම ඔහුගේ එදිරිකරුවන්ට පහර දෙන්නෙමි; ඔහුට වෛර කරන සියල්ලන් වනසාලන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 89:23
12 හුවමාරු යොමු  

නුඹ ගිය හැම තැන්හිම මම නුඹ සමඟ සිට නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳ දැමුවෙමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාමය මෙන් මහත් නාමයක් නුඹට සාදා දෙන්නෙමි.


මට වෛරවෙන්නා මාගේ පියාණන්වහන්සේටත් වෛරවන්නේය.


ඔහුගේ සතුරන් ලජ්ජාවස්ත්‍රයෙන් පළඳවන්නෙමි. නුමුත් ඔහු මත්තේ ඔහුගේ ඔටුන්න ශෝභමාන වන්නේය.


මාගේ වෛරකාරයන් මා විසින් සිඳිනු ලබන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටුපාන්ට සැලැස්සූසේක.


රජුගේ සියලු සතුරන්ගෙන් ස්වාමීන්වහන්සේ ඔහුට හාත්පසින්ම නිදහස දුන්නායින් පසු ඔහු තමාගේ ගෘහයේ වාසයකරන අතර,


තවද සාවුල්ගේ වංශයත් දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධය පැවතුණේය. දාවිත් වනාහි වඩ වඩා බලවත්වේගන ගියේය, නුමුත් සාවුල්ගේ වංශය වඩ වඩා බෙලහීන වේගන ගියේය.


එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.


එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය.


ඔව්හු ද්වේෂ වචනවලින් මා වටකොට නිෂ්කාරණයේ මට විරුද්ධව සටන්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්