ගීතාවලිය 89:13 - Sinhala New Revised Version 2018 ඔබේ බාහුව ප්‍රබල ය; ඔබේ අත බලවත් ය. ඔබේ දකුණත ජයෙන් ඔසවා ඇත්තේ ය. Sinhala New Revised Version ඔබේ බාහුව ප්‍රබල ය; ඔබේ අත බලවත් ය. ඔබේ දකුණත ජයෙන් ඔසවා ඇත්තේ ය. Sinhala Revised Old Version ඔබට බලවත් බාහුවක් ඇත්තේය. ඔබගේ අත ශක්තිමත්ය, දකුණත උසස්ය. |
ඔබ රාහබ් නම් දිය රකුසා කැබලි කොට සුණු විසුණු කරදැමූ සේක; සිය බාහු බලය පා සතුරන් පලවා හළ සේක.
ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.
සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක.
ඈ කෙදෙෂ්-නප්තලීයෙන් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා ඔහු අමතා, “ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ අණ කර ඇත: ‘නුඹ ගොස් නප්තලීගේ ගෝත්‍රයෙන් ද සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ද මිනිසුන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න;