Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 89:12 - Sinhala New Revised Version 2018

12 උතුරත්, දකුණත් ඔබ මැවූ සේක; තාබෝර් සහ හර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 උතුරත්, දකුණත් ඔබ මැවූ සේක; තාබෝර් සහ හර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 උතුරත් දකුණත් මැවුවේ ඔබය. තාබොර් සහ හෙර්මොන් ඔබගේ නාමය කෙරෙහි ප්‍රීතිවෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 89:12
16 හුවමාරු යොමු  

දෙවි තුමාණෝ උතුරු දිග අහස විහිදුවා හළ සේක. හිස් අවකාශයෙහි පොළොව එල්ලා තබන සේක.


සීමාව තාබොර් ද ෂහශුමා ද බෙත්-ෂෙමෙෂ් ද දක්වා විය. ඔවුන්ගේ සීමාව ජොර්දාන ළඟ කෙළවර වුණේ ය. නගර දහසයක් ද ඒවා යාබද ගම් ද තිබුණේ ය.


නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය.


එය, සියොන් ගිර මත වැටෙන හෙර්මොන් කන්දේ පිනි හා සමාන ය. මන්ද, සමිඳාණෝ ඊට ආශීර්වාද කරන සේක. එනම්, සදාකාල ජීවනය ඊට දානය කළ සේක.


ගංගා අත් පොළසන් දේ වා! කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා!


එවිට, අබිනොවම්ගේ පුත් බාරාක් තාබෝර් කන්දට ගිය බව සිසෙරාට දන්වන ලද්දේ ය.


ඈ කෙදෙෂ්-නප්තලීයෙන් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා ඔහු අමතා, “ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ අණ කර ඇත: ‘නුඹ ගොස් නප්තලීගේ ගෝත්‍රයෙන් ද සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ද මිනිසුන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න;


සව් බලැති සමිඳාණෝ යැයි නම් දරන රජතුමාණෝ දිවුරා මෙසේ පවසන්නාහ: ජීවමාන දෙවිඳා මම වෙමි; නුඹලාට පහර දෙන තැනැත්තාගේ ශක්තිය කඳු අතරේ තාබෝර් කන්ද මෙන් ද මුහුද ළඟ තිබෙන කර්මෙල් කන්ද මෙන් ද වන්නේ ය.


සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක.


පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳාණන් වහන්සේ සන්තක වෙති.


මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය.


ස්වර්ගය වනාහි සමිඳුන්ට පමණක් අයිති ය. එහෙත්, පොළොව එතුමාණෝ මිනිසුන්ට දුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්