රන් රිදී සියලු භාණ්ඩවල ගණන පන්දාස් හාරසියයකි. විප්‍රවාසගත ව සිටි අය බබිලෝනියෙන් ජෙරුසලමට ආපසු පැමිණි විට ෂෙෂ්බශර් විසින් මේ සියල්ල ගෙනෙන ලද්දේ ය.
ගීතාවලිය 85:1 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්ස, ඔබ දේශයට කරුණා කළ සේක; ජාකොබ්ගේ සම්පත ආපසු දුන් සේක. Sinhala New Revised Version සමිඳුනි, ඔබ දේශයට කරුණා කළ සේක; ජාකොබ්ගේ සම්පත ආපසු දුන් සේක. Sinhala Revised Old Version ස්වාමිනි, ඔබගේ දේශයට ඔබ කරුණාකළසේක. යාකොබ් වහල්කමින් මුදා ගෙනාසේක. |
රන් රිදී සියලු භාණ්ඩවල ගණන පන්දාස් හාරසියයකි. විප්‍රවාසගත ව සිටි අය බබිලෝනියෙන් ජෙරුසලමට ආපසු පැමිණි විට ෂෙෂ්බශර් විසින් මේ සියල්ල ගෙනෙන ලද්දේ ය.
සියොන් කන්දෙන් විමුක්තිය පැමිණියොත් කෙතරම් හොඳ ද? හිමිතුමාණන් සිය සෙනඟට සැප සම්පත දුන් විට, ජාකොබ් පෙළපතට කොපමණ ප්‍රීතියක් ද? ඉශ්රායෙල් සෙනඟට කොපමණ සතුටක් ද?
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ජාකොබ්ගේ පරපුර සිය දේශයට ආපසු පමුණුවා හැම පවුලකට ම වාසස්ථානයක් ලැබීමේ භාග්‍යය නැවත දෙන්නෙමි. නගරය ද එහි කන්ද පිට ගොඩනඟනු ලැබ, මාලිගාව තිබුණු හැටියට ම පිහිටුවනු ලබන්නේ ය.
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “සෙනඟගේ උරුමය මා ඔවුන්ට යළි ලබා දුන් විට, ‘එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය! එම්බා ශුද්ධ කන්ද! සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!’ යන කීම ඔවුන් ජුදා දේශයෙහි ද එහි නගරවල ද නැවත භාවිතා කරනු ඇත.
“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දැන් මම ජාකොබ්ගේ වංශයේ හිරකරුවන් ආපසු ගෙනෙන්න යන්නෙමි. මුළු ඉශ්රායෙල් සෙනඟට අනුකම්පා කරමි; මාගේ සුවිශුද්ධ නාමය ආරක්ෂා කරන්නෙමි.
එවිට මම ජාකොබ් සමඟ කළ ගිවිසුම ද ඊසාක් සමඟ කළ ගිවිසුම ද ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ද සිහි කරන්නෙමි; දීමට පොරොන්දු වූ දේශය ද සිහි කරන්නෙමි.
අනුකම්පාව දක්වන පිණිස මම ජෙරුසලමට නැවත පැමිණ සිටිමි; මාගේ මාලිගාව නැවත ගොඩනඟනු ලැබේ. ඒ නගරය ප්‍රතිසංස්කරණය කරනු ලැබේ.