දෙවි සමිඳුනි, ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් අහකට නොහැරෙනු මැනව. ඔබේ මෙහෙකරු වූ දාවිත්ට ඔබ දැක්වූ කරුණාව ප්‍රසාදයෙන් සිහි කළ මැනව.”
ගීතාවලිය 84:10 - Sinhala New Revised Version 2018 ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි. Sinhala New Revised Version ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි. Sinhala Revised Old Version මක්නිසාද ඔබගේ මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි. |
දෙවි සමිඳුනි, ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් අහකට නොහැරෙනු මැනව. ඔබේ මෙහෙකරු වූ දාවිත්ට ඔබ දැක්වූ කරුණාව ප්‍රසාදයෙන් සිහි කළ මැනව.”
ඔබේ මෙහෙකරු වූ දාවිත්ට දුන් පොරොන්දුව පරිදි ඔබේ අභිෂේක ලත් තැනැත්තා පිළිකෙව් නොකළ මැනව.
හිමිතුමාණන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමිතුමාණන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.
ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි.
තෙදිනකට පසු ඔව්හු උන් වහන්සේ දේව මාලිගාවෙහි පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අසමින් ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින් ද සිටිනු දුටුවෝ ය.
එහෙත් අපි ස්වර්ගයේ පුරවැසියෝ වම්හ; අප ගළවන පිණිස ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගයෙන් වඩින තෙක් අපි බලා සිටිමු.
ඔබ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා, “කරුණාකර මෙහි, අසුන් ගන්න” කියා ද, දිළින්දාට, “උඹ ඔතන හිටපන්”, නැත්නම් “මාගේ පාපුටුව ළඟ බිම හිඳගන්නැ”යි කියා ද කීවොත්,