ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 78:66 - Sinhala New Revised Version 2018

එතුමාණෝ සිය සතුරන්ට පහර දී ඔවුන් පලවා හැරිය සේක; සදා ලජ්ජාවට ඔවුන් පත් කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එතුමාණෝ සිය සතුරන්ට පහර දී ඔවුන් පලවා හැරිය සේක; සදා ලජ්ජාවට ඔවුන් පත් කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ට ගසා ආපසු එළවා, ඔවුන් නිරන්තර නින්දාවකට පත්කළසේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 78:66
5 හුවමාරු යොමු  

දුදනන් දෙස නෙත් යොමා යටපත් කර, ඔවුන් වසන තැනෙහි ඔවුන් පොඩි කරදමන්න.


කවදාවත් අමතක නොවන සදාකාල නින්දාවක් ද නිරන්තර අපකීර්තියක් ද ඔවුන් පිට මම පමුණුවන්නෙමි.”


එකල සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් අෂ්දොද් වැසියන්ට තදින් පහර දුන් සේක. උන් වහන්සේ අෂ්දොද්හි වැසියන්ටත්, එහි දිසාවල වැසියන්ටත් භයානක ගඩු හටගැන්වීමෙන් පහර දුන් සේක.


“අප කුමන වන්දි පූජාවක් ගෙවිය යුතු දැ”යි ඔව්හු ඇසූ හ. පූජකවරු හා පේන කියන්නෝ පිළිතුරු දෙමින්, “පිලිස්තිවරුන්ගේ අධිපතීන්ගේ ගණන අනුව රනින් කළ ගඩු රූප පහකුත්, රනින් කළ මීයන් පස්දෙනෙකුත් ය. මන්ද, ඔබ සියල්ලන් හා ඔබේ අධිපතීන් කෙරෙහි පැමිණුණේ එක ම පීඩාවක් ය.


සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන වේලේ ම පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬින් ගිගුරුම් දී ඔවුන් වියවුලට පත් කළ සේක. ඔව්හු ඉශ්රායෙල්වරුන් කෙරෙන් පලා ගියහ.