සමිඳාණෝ මේවා ඇසූ කල උදහසින් පිරී ගිය සේක. ජාකොබ් පරපුරට විරුද්ධ ව එතුමාණන්ගේ කෝපාග්නිය ඇවිළී, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව උදහස නැංගේ ය.
ගීතාවලිය 78:63 - Sinhala New Revised Version 2018 ගින්න ඔවුන්ගේ තරුණයන් ගිලගත්තේ ය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීතයක් නො වී ය. Sinhala New Revised Version ගින්න ඔවුන්ගේ තරුණයන් ගිලගත්තේ ය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීතයක් නො වී ය. Sinhala Revised Old Version ගින්න ඔවුන්ගේ තරුණයන් නාස්ති කෙළේය; ඔවුන්ගේ තරුණියන්ට විවාහ ගීයක් නොවීය. |
සමිඳාණෝ මේවා ඇසූ කල උදහසින් පිරී ගිය සේක. ජාකොබ් පරපුරට විරුද්ධ ව එතුමාණන්ගේ කෝපාග්නිය ඇවිළී, ඉශ්රායෙල් වංශයට විරුද්ධ ව උදහස නැංගේ ය.
ඒ කාලයේ දී, ස්ත්‍රීන් හත්දෙනෙක් එක මිනිසෙකු අල්ලාගෙන, “තනිව සිටීමේ නින්දාව පහ කරගන්න පිණිස නුඹ අපේ ස්වාමි පුරුෂයා යයි කියන්න අපට ඉඩ දුන මැනව; අපේ කෑම බීම හා ඇඳුම්පැළඳුම් අපට ම සපයාගත හැකි යැ”යි කියන්නෝ ය.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. ඔවුන්ගේ ඇස් හමුයෙහි ම, ඔවුන් ජීවත් ව සිටින කාලයේ දී ම ප්‍රීති ප්‍රමෝද නාදය ද මනාලයා සහ මනාලියගේ හඬ ද මේ ස්ථානයෙන් මම තුරන් කරන්නෙමි.
ඇරත් මම ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදයේ හඬ ද මනාලයා හා මනාලියගේ හඬ ද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළිය ද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි.
එවිට මම ජුදා නගරවලිනුත්, ජෙරුසලමේ වීදිවලිනුත් ප්‍රීති ප්‍රමෝද හඬ ද මනාල මනාලියන්ගේ කටහඬ ද නතර කරන්නෙමි. දේශය පාළුකරයක් වන්නේ ය.
සෙනඟ දුක් ගැනවිලි ගැන කොඳුරන්නට පටන්ගත් විට සමිඳාණන් වහන්සේ ඒවා අසා, ඒවා ගැන අසතුටු වූයෙන්, උන් වහන්සේගේ උදහස ඇවිළිණි. උන් වහන්සේ සෙනඟ අතරට ගින්න එවූ විට, එය ඔවුන් දවා, කඳවුරේ එක කොණක් වනසාලී ය.
සමිඳාණන් වහන්සේ ඔහුට කමා නොකරන සේක, උන් වහන්සේගේ උදහස ද කෝපය ද ඔහුට විරුද්ධ ව ඇවිළෙන්නේ ය. මේ පොතේ ලියන ලද සාප සියල්ල ඔහු පිට වැටෙන්නේ ය. තවද, උන් වහන්සේ ඔහුගේ නම මිහි පිටින් මකාදමන සේක.
මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත.