ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 78:20 - Sinhala New Revised Version 2018

තවද, “ගංගාවක් මෙන් වේගයෙන් වතුර ගලා බසින පිණිස එතුමාණෝ පර්වතයට පහර දුන් නමුත්, ජනතාවට රොටි දිය හැකි ද? ඔවුන්ට මාංස දිය හැකි ද?” කියා ඔව්හු ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, “ගංගාවක් මෙන් වේගයෙන් වතුර ගලා බසින පිණිස එතුමන් පර්වතයට පහර දුන් නමුත්, ජනතාවට රොටි දිය හැකි ද? ඔවුන්ට මාංස දිය හැකි ද?” කියා ඔව්හු ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බලව, උන්වහන්සේ පර්වතයට ගැසූ කල ජලය වැගුරුණේය, දියපාරවල් ගලාගියේය; රොටිත් දෙන්ට හැකිසේක්ද? ස්වකීය සෙනඟට මාංස සපයාදෙන සේක්දැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 78:20
7 හුවමාරු යොමු  

ඔව්හු නැවත නැවතත් දෙවිඳුන් පිරික්සූ හ. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් කුපිත කළෝ ය.


සෙනඟට කතා කොට මෙසේ කියන්න: එනම්, ‘නුඹලා හෙට දවස සඳහා පවිත්‍ර වන්න. නුඹලාට මස් කෑමට ලැබෙනු ඇත.’ ‘අපට කන්න මස් දෙන්නේ කවුරු ද? මිසරයේ දී නම් අපට සැප තිබුණා නොවේ ද?’ කියා නුඹලා සමිඳාණන් වහන්සේගේ කනට ඇසෙන්නට හැඬුවහු ය. එබැවින් උන් වහන්සේ නුඹලාට කෑමට මස් දෙන සේක. නුඹලා එය කනු ඇත.


ඉශ්රායෙල් ජනයා අතර සිටි විදේශීහූ කෑම තණ්හාවට වසඟ වූ හ. ඉශ්රායෙල් ජනයා පවා හඬන්නට පටන්ගෙන, “අපට කෑමට මස් දෙන්නේ කවුරු ද?


ඔහු අත ඔසවා, සැරයටියෙන් පර්වතයට දෙවරක් ගැසී ය. මහා ජලධාරාවක් පිටාර ගැලී ය, ජනතාව සහ ඔවුන්ගේ සත්තු එයින් බීවෝ ය.