ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 74:6 - Sinhala New Revised Version 2018

එහි පනේල සියල්ල ම ඔව්හු බිඳදැමූ හ. කැත්තෙන් සහ මිටියෙන් ඒවාට පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහි පනේල සියල්ල ම ඔව්හු බිඳදැමූ හ. කැත්තෙන් සහ මිටියෙන් ඒවාට පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දැන් ඔව්හු පොරොවෙන් හා මිටිවලින් එහි කැටයම් වැඩ සහමුලින්ම කඩා දමති.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 74:6
4 හුවමාරු යොමු  

මාලිගාවේ ඇතුළත කැකිරි වැල් ද පිපුණු මල් ද කැටයම් කළ කිහිරි ලීවලින් වසා තිබුණු බැවින්, මුළු මාලිගාව ම කිහිරි ලීයෙන් විය. කිසි ගලක් පෙනෙන්නට නොතිබිණි.


වටකර ඇතුළෙනුත්, පිටිනුත් මාලිගාවේ සියලු බිත්තිවල ඔහු කෙරුබ් රූප ද තාල වර්ගයේ ගස් ද පිපුණු මල් ද කොටා කැටයම් වැඩ කෙළේ ය.


ඔලීව ලීවලින් සෑදූ ඒ දොරවල් දෙකේ ඔහු කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කැටයම් කර, රන් ආලේප කර, කෙරුබ්වරුන්ගේ රූප හා තල් ගස් පිටත් රන් ගෑවේ ය.


ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.