Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 6:35 - Sinhala New Revised Version 2018

35 ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 ඔහු ඒවායේ කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කපා ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 6:35
11 හුවමාරු යොමු  

මාලිගාවේ ඇතුළත කැකිරි වැල් ද පිපුණු මල් ද කැටයම් කළ කිහිරි ලීවලින් වසා තිබුණු බැවින්, මුළු මාලිගාව ම කිහිරි ලීයෙන් විය. කිසි ගලක් පෙනෙන්නට නොතිබිණි.


මාලිගාවේ දොරකඩට දේවදාර ලීවලින් දොරවල් දෙකක් ද සෑදුවේ ය. එක දොරකට අකුළන දේවදාර පියන් දෙකක් ද අනික් දොරට අකුළන දේවදාර පියන් දෙකක් ද විය.


ඇතුළු මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සෑදුවේ ය.


එහි ගනකම මිලිමීටර් හැත්තෑපහකි. එහි ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල්‍ මලක් ලෙස සාදන ලද්දේ ය. එහි ජල ප්‍රමාණය ලීටර් හතළිස්දහසක් පමණ විය.


ඔහු එහි ලීස්තරවල ලෑලිවල ද එහි පනේලවල ද ඒ ඒ ඉඩ ප්‍රමාණයට කෙරුබ් රූප ද සිංහ රූප ද තල් ගස් ද කැටයම් කෙළේ ය. වටේට මාලා ද තිබිණි.


රනින් එනම්, ඉතා අනර්ඝ රනින් මල් ද පහන් ද අඬු ද සෑදුවේ ය.


පවිත්‍ර රනින් පහන් කතුරු ද තලි ද හැඳි ද ගිනි කබල් ද සෑදෙව්වේ ය. මාලිගාවට ඇතුළු වන තැන එනම්, අතිශුද්ධස්ථානයේ ඇතුළු දොරවල් ද ගෘහයේ එනම්, මාලිගාවේ දොරවල් ද රනින් විය.


එහි පනේල සියල්ල ම ඔව්හු බිඳදැමූ හ. කැත්තෙන් සහ මිටියෙන් ඒවාට පහර දුන්නෝ ය.


ඒ කුඩා මුර කාමරවලටත්, ඒවායේ කණුවලටත් ප්‍රවේශ ශාලාවේ ඇතුළු පැත්තේ වටේට පටු කවුළු තිබුණේ ය. කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.


එහි කවුළු ද එහි ශාලා ද තල් ගස් ද නැගෙනහිරට තිබුණු දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එයට නඟින්නට පඩි සතක් විය. එහි ශාලා ද ඒවා ඉදිරිපිට තිබුණේ ය.


එහි කෙරුබ්වරුන් ද තල් ගස් ද කැටයම් කර තිබිණි. කෙරුබ්වරුන් දෙදෙනෙකු අතරේ තල් ගසක් බැගින් තිබිණි. එක එක කෙරුබ්වරයෙකුට මුහුණු දෙකක් තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්