වැස්සෙන් පසු, වලාකුළු නැති උදයක දී, පොළොවේ තණ දීප්තිමත් කරන අලුයම හිරු උදා වන කල ඇති එළිය වැනි ය.
ගීතාවලිය 72:6 - Sinhala New Revised Version 2018 කැපූ තණ කෙත් මත වර්ෂාව මෙන් රජ තෙම වැජඹේ වා! වියළි බිම මත වැසි මෙන් නිරිඳු වඩී වා! Sinhala New Revised Version කැපූ තණ කෙත් මත වර්ෂාව මෙන් රජ තෙම වැජඹේ වා! වියළි බිම මත වැසි මෙන් නිරිඳු වඩී වා! Sinhala Revised Old Version තණකොළ කැපූ කෙත් පිට වැස්ස මෙන්ද බිම තෙමන වැසිවලා මෙන්ද උන්වහන්සේ පහළවන්නේය. |
වැස්සෙන් පසු, වලාකුළු නැති උදයක දී, පොළොවේ තණ දීප්තිමත් කරන අලුයම හිරු උදා වන කල ඇති එළිය වැනි ය.
එහි හීවිටි බොහෝ සේ දියෙන් පොඟවා පස් පිඬලි සමතලා කරන සේක. ඒ පිට බහුල ව වැසි වස්වා, පොළොව බුරුල් කර එහි වගාවට ආසිරි දෙන සේක.
එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”
අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ”යි සෙනඟ කියති.
ඔව්හු සිය කඩුවලින් අසිරියන් රට ද කඩු තලයෙන් නිම්රොද් දේශය ද ජයගන්නෝ ය. අසිරියන්වරුන් අපේ දේශයට පැමිණි විට, අපේ සීමා බිඳ දමන විට, ඒ නායකයෝ ඔවුන් අතින් අප බේරා ගන්නෝ ය.
මා සික පද වැහි බිඳු මෙන්, මා කථනය පිනි බිඳු මෙන්, ළා පැළ මත වැසි පොද මෙන්, ළා තණ මත මල් වැසි මෙන් වැටේ.