Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 72:6 - Sinhala New Revised Version

6 කැපූ තණ කෙත් මත වර්ෂාව මෙන් රජ තෙම වැජඹේ වා! වියළි බිම මත වැසි මෙන් නිරිඳු වඩී වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 කැපූ තණ කෙත් මත වර්ෂාව මෙන් රජ තෙම වැජඹේ වා! වියළි බිම මත වැසි මෙන් නිරිඳු වඩී වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 තණකොළ කැපූ කෙත් පිට වැස්ස මෙන්ද බිම තෙමන වැසිවලා මෙන්ද උන්වහන්සේ පහළවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 72:6
11 හුවමාරු යොමු  

අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ”යි සෙනඟ කියති.


මා සික පද වැහි බිඳු මෙන්, මා කථනය පිනි බිඳු මෙන්, ළා පැළ මත වැසි පොද මෙන්, ළා තණ මත මල් වැසි මෙන් වැටේ.


වැස්සෙන් පසු, වලාකුළු නැති උදයක දී, පොළො‍වේ තණ දීප්තිමත් කරන අලුයම හිරු උදා වන කල ඇති එළිය වැනි ය.


එහි හීවිටි බොහෝ සේ දියෙන් පොඟවා පස් පිඬලි සමතලා කරන සේක. ඒ පිට බහුල ව වැසි වස්වා, පොළොව බුරුල් කර එහි වගාවට ආසිරි දෙන සේක.


එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”


රජුගේ උදහස සිහ රදෙකුගේ ගර්ජනාව වැනි ය, ඔහුගේ කරුණාව තණ මත පිනි බිඳු වැනි ය.


රජුගේ මුහුණේ බැබළෙන එළියෙහි ජීවනය ඇත; රාජ ප්‍රසාදය වසන්තයේ වැහි වලාකුළක් වැන්න.


ඔව්හු සිය කඩුවලින් අසිරියන් රට ද කඩු තලයෙන් නිම්රොද් දේශය ද ජයගන්නෝ ය. අසිරියන්වරුන් අපේ දේශයට පැමිණි විට, අපේ සීමා බිඳ දමන විට, ඒ නායකයෝ ඔවුන් අතින් අප බේරා ගන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්