ගීතාවලිය 71:12 - Sinhala New Revised Version 2018 මාගේ දෙවිඳුනි! මාගෙන් ඈත් නුවුව මැනව! අනේ මාගේ දෙවිඳුනි! මට සහාය වීමට කඩිනමින් වැඩිය මැනව! Sinhala New Revised Version මාගේ දෙවිඳුනි! මාගෙන් ඈත් නුවුව මැනව! අනේ මාගේ දෙවිඳුනි! මට සහාය වීමට කඩිනමින් වැඩිය මැනව! Sinhala Revised Old Version දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුනූව මැනව, මාගේ දෙවියන්වහන්ස, මට උපකාර කරන්ට ඉක්මන්වුව මැනව. |
සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
හිමිතුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව; මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව.
එහෙත්, මම දිළිඳු ය; අසරණ ය. අනේ දෙවිඳුනි! මා වෙත කඩිනමින් වඩිනු මැනව! අනේ සමිඳුනි! ඔබ මාගේ පිහිට ද ගැළවුම්කරු ද වන බැවින් පමා නොවුව මැනව!