අදමිටුන් සමඟ දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුරු වේ වා! අදමිටුන් සමඟ දමිටුන් එක ම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නො වේ වා! මුළු මිහි තලයේ විනිශ්චයකාරයාණෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක් දැ”යි ඇසී ය.
ගීතාවලිය 7:12 - Sinhala New Revised Version 2018 පවිටු දනන් වැරදි මඟින් නොහැරෙන විට, දෙවිඳාණෝ සිය අසිපත තියුණු කරන සේක; දුනු දිය තැත්කවා සූදානම් කරන සේක. Sinhala New Revised Version පවිටු දනන් වැරදි මඟින් නොහැරෙන විට, දෙවිඳාණෝ සිය අසිපත තියුණු කරන සේක; දුනු දිය තැත්කවා සූදානම් කරන සේක. Sinhala Revised Old Version යමෙක් නොහැරේනම් උන්වහන්සේ තමන්ගේ කඩුව මුවහත් කරනසේක; උන්වහන්සේ දුන්න තැත්කවා සූදානම්කළසේක. |
අදමිටුන් සමඟ දමිටුන් වනසාලීමේ අදහස ඔබෙන් දුරින් දුරු වේ වා! අදමිටුන් සමඟ දමිටුන් එක ම මිම්මෙන් මැනීම ඔබේ කැමැත්ත නො වේ වා! මුළු මිහි තලයේ විනිශ්චයකාරයාණෝ සාධාරණ ලෙස යුක්තිය ඉටු නොකරන සේක් දැ”යි ඇසී ය.
ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ තමන්ගේ දැඩි, බලවත්, භයානක කඩුවෙන් ශීඝ්‍රයෙන් වක් වෙමින් යන ලෙවියාතන් නම් මුහුදු සර්පයාට දඬුවම් කර, මුහුදේ සිටින දිය රකුසා මරාදමන සේක.
සමිඳුන් සිය කඩුව සගයෙහි සූදානම්කර ඇත. එයින් එතුමාණෝ, ඒදොම්හි සිටින, විනාශයට තීන්දු කරන ලද සෙනඟට පහර දෙන සේක.
“එබැවින්, අහෝ ඉශ්රායෙල්වරුනි, මම නුඹලා එකින් එකා පෞද්ගලික වශයෙන් තම තමාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. පසුතැවී සිත් හරවා ගෙන නුඹලා කළ සියලු වරද හැර දමන්න; එවිට අයුතුකම නුඹලාගේ විනාශයට කාරණයක් නොවන්නේ ය.
ඔවුන් කරගෙන තිබුණ ගිවිසුම් නිසා, මේ පේන කීම බොරුවකැ යි ජෙරුසලම් වැසියෝ සිතති. එහෙත්, ඔවුන් සතුරන්ට අසු වන පිණිස උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිපත් කරන සේක.
මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වනවාට මිස, ඔහු නසිනවාට මම ප්‍රසන්න නොවෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. ඉශ්රායෙල් ජනයෙනි, හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ කුමට දැ’යි ඔවුන්ට කියන්න.
තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ.
මා දිළිසෙන කඩුව මුවහත් කොට, මම යුක්තිය ඉටු කරමි. සතුරන්ට දඬුවම් දෙමි; මට වෛර කරන අයට දුර්විපාක දෙමි.