වරදට මා හද තුළ ආශාවක් තිබේ නම්, මා සමිඳාණෝ මට කවදාවත් සවන් නොදෙන සේක.
අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන්වහන්සේ මාගේ බස් නාසනසේක.
ඒ මොරගැසීමෙන් වැඩක් නැත; දෙවිඳාණෝ සවන් නොදෙන සේක. සව් බලැති උතුමාණෝ එය නොසලකන සේක.
අදමිටු මඟෙහි නොයාමට බලාගන්න; දුක් පීඩා පැමිණියේ, ඔබ ඒ මඟින් වළක්වන පිණිස ය.
සමිඳාණෝ දුදනන් වෙතින් ඈත් ව සිටින සේක; එහෙත් සුදනන්ගේ යැදුමට සවන් දෙන සේක.
දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි; සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.
දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.
දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.
මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.
දෙවියන් වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත්, දේව භක්තිය ඇති, දේව කැමැත්ත කරන, යමෙකු ඇත්නම් ඔහුගේ බස් අසන බවත් අපි දනිමු.
ඔබ ඉල්ලුවත්, වැරදි ලෙස ද ආත්මාර්ථකාමි තෘප්තිය සඳහා ද ඉල්ලන බැවින් එය නොලැබෙන්නේ ය.